“තම පියාගේ කැමැත්ත ඉටු කළේ මේ දෙදෙනාගෙන් කවරෙක් දැ?” යි ඇසූ සේක. “පළමු වැන්නා” යි ඔවුහු පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, අයබදුකරුවන් හා වෙසඟනන් ඔබට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන බවයි.
ලූක් 7:37 - සිංහල කාලීන පරිවර්තනය එවිට මෙන්න! පව්කාරියක වූ එපුර අඟනක්, උන්වහන්සේ පරිසියාගේ ගෙදර කෑමට වාඩි වූ වග දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙන එහි අවුත්, Sinhala New Revised Version ඒ නුවර විසූ පව්කාර ස්ත්‍රියක් උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදර කෑමට වැඩහුන් බව දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ කරඬුවක් රැගෙන එතැනට ආවා ය. Sinhala New Revised Version 2018 ඒ නුවර විසූ පව්කාර ස්ත්‍රියක් උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදර කෑමට වැඩහුන් බව දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ කරඬුවක් රැගෙන එතැනට ආවා ය. Sinhala Revised Old Version ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියෙක් උන්වහන්සේ ඵරිසියාගේ ගෙයි කෑමට ඉඳගන හුන් බව දැන, සුවඳ තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්, |
“තම පියාගේ කැමැත්ත ඉටු කළේ මේ දෙදෙනාගෙන් කවරෙක් දැ?” යි ඇසූ සේක. “පළමු වැන්නා” යි ඔවුහු පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, අයබදුකරුවන් හා වෙසඟනන් ඔබට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන බවයි.
“එහෙත් බදු අය කරන්නා ඈතින් සිටගෙන, ස්වර්ගය දෙස ඇස් ඔසවන්නටවත් නො සිතා, තම ළයට ගසා ගනිමින්, ‘දෙවියන්වහන්ස, පව්කාරයකු වූ මට අනුකම්පා කළ මැනව’ යි කීවා.
එවිට පරිසිවරු හා ඔවුන්ගේ දහම් පඬිවරු උන්වහන්සේගේ ගෝලයිනට අවලාද නගමින්, “බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ නුඹලා කන්නේ, බොන්නේ මන්දැ?” යි ඇසූහ.
මා ආවේ, පව්කරුවන් පසුතැවිල්ලට කැඳවීමට මිස, ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ යැ” යි පැවසූ සේක.
මනුෂ්‍ය පුත්‍රයා ආවේ කමින්, බොමින්; එවිට ඔබ කියන්නේ, ‘මෙන්න බලන්න! කෑදරයෙක්, බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙක්!’ කියායි.
එක් පරිසියෙක් තමන් හා අහර ගැනීමට යේසුස්වහන්සේට ඇරියුම් කළේ ය. උන්වහන්සේ පරිසියාගේ ගෙට ඇතුල්ව, මේසයට හිඳගත් සේක.
සුවඳ විලවුන්වලින් ස්වාමින්වහන්සේ ආලේප කර, තම හිසකෙසින් උන්වහන්සේගේ පා පිසදැමූ තැනැත්තිය මේ මරියා ය. රෝගීව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය.
එබැවින් අන්ධව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.
දෙවියන්වහන්සේ පව්කරුවන්ට කන් දෙන්නේ නැති වග අප දන්නවා. එහෙත් දෙවියන්වහන්සේට නමස්කාර කරන කෙනෙක් උන්වහන්සේගේ කැමැත්ත කරනවා ද, දෙවියන්වහන්සේ ඔහුට සවන් දෙන වග අප දන්නවා.
එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන්ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය.
විශ්වාසනීයවූත්, මුළුමනින් පිළිගැනීමට යෝග්‍යවූත් කියමනකි: පව්කරුවන් ගලවන්නට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට පැමිණි සේක යන්න. ඔවුන්ගෙන් ලොකුම පව්කරුවා මා ය.
අප දැනගත යුත්තේ, නීති පනවා ඇත්තේ ධර්මිෂ්ඨයින් සඳහා නො වන බව ය. ඒවා දාමරිකයින්, අකීකරුවන්නන්, අභක්තිකයින් හා පව්කරුවන් ද අශුද්ධයින් හා දුශ්ශීලයින්, පීතෘ හෝ මාතෘ ඝාතකයින් හා මිනීමරුවන් ද
තවද, “ධර්මිෂ්ඨයින් ගැලවෙන්නේ අසීරුවෙන් වේ නම්, අභක්තිකයන්ට හා පව්කරුවන්ට එය කෙසේ වනු ඇද්ද?”