ලූක් 6:8 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, අත අප්‍රාණික මිනිසාට, “නැගිට ඇවිත් මෙතැන සිටගන්නැ” යි කී සේක. ඔහු නැගිට එතැන සිට ගත්තේ ය. Sinhala New Revised Version එහෙත්, උන් වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, “නැඟිට මෙහි මැද සිටින්නැ”යි අත පණ නැති මිනිසාට වදාළ සේක. ඔහු එහි නැඟිට සිටියේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, උන් වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, “නැඟිට මෙහි මැද සිටින්නැ”යි අත පණ නැති මිනිසාට වදාළ සේක. ඔහු එහි නැඟිට සිටියේ ය. Sinhala Revised Old Version නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන: නැගිට මැද සිටින්නැයි වියළි අත ඇති මනුෂ්‍යයාට කීසේක. ඔහු නැගිට මැද සිටියේය. |
එවිට යේසුස්වහන්සේ, “මා ඔබෙන් අහන්නේ, සබතේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතයක් ගැලවීම ද? වැනසීම දැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.
මිනිසාගේ ඇතුළාන්තය හොඳින්ම දත් හෙයින්, මිනිසකු ගැන තවත් මිනිසකුගේ සහතිකයක් උන්වහන්සේට අවශ්‍ය වූයේ නැත.
උන්වහන්සේ තුන් වන වරටත්, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ආදරේ දැ?” යි ඔහුගෙන් ඇසූ සේක. උන්වහන්සේ තුන් වන වරටත්, “ඔබ මට ආදරේ කරනවා දැ?” යි ඇසූ බැවින් පේතෘස්ගේ සිත රිදිණි. ඔහු උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ඔබතුමා හැම දෙයක්ම දනී; මා ඔබට ආදරේ කරන වග ඔබතුමා දන්නවා” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මාගේ බැටළුවන් පෝෂ්‍ය කරන්න.
දහවල්ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්‍රිය එළඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි.
කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.
මා කියන දෑ රජතුමා හොඳින්ම දනී; එබැවින් විවෘතවයි එතුමන්ට මා කතා කරන්නේ; මේ කිසිවක් අස්සක, මුල්ලකදී කළ දෑ නො වන බැවින්, මින් කිසිවක් එතුමාගේ දැනගැන්මෙන් සැඟවී නැති බව මම ඒත්තු ගෙන සිටිමි.
විරුද්ධවාදීන් හමුවේ හැම අයුරින්ම අභීතව සිටින බවත් දැන ගන්නෙමි. ඔබගේ අභීත භාවය ඒ විරුද්ධවාදීනට ඔවුන්ගේ විනාශයත්, ඔබගේ ගැලවීමත් පිළිබඳව දෙවියන්වහන්සේගෙන් වූ නිසැක ලකුණකි.
කිසි මැවිල්ලක් උන්වහන්සේගේ ඇසින් සැඟවී නැත. අප විසින් ගණන් දිය යුතු වූ තැනැන්වහන්සේගේ ඇස් හමුවේ හැම දෙයක්ම නිරාවරණ ය; විවෘත ය.
එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් වධ විඳි බැවින්, ඔබත් එම ආකල්පයෙන් සන්නද්ධ වන්න. මන්ද මාංසයෙන් වධ විඳි තැනැත්තා පාපයෙන් නිදහස්ව සිටී.
මම ඇගේ දරුවන් මරා දමන්නෙමි. එවිට, මනස හා හදවත විමසන තැනැත්තාණන් මා බැව් සියලු සභාවන් දැන ගන්නවා ඇත. තවද ඔබ එකිනෙකාගේ ක්‍රියා අනුව මම ඔබට ප්‍රතිවිපාක දෙමි.