Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 2:23 - සිංහල කාලීන පරිවර්තනය

23 මම ඇගේ දරුවන් මරා දමන්නෙමි. එවිට, මනස හා හදවත විමසන තැනැත්තාණන් මා බැව් සියලු සභාවන් දැන ගන්නවා ඇත. තවද ඔබ එකිනෙකාගේ ක්‍රියා අනුව මම ඔබට ප්‍රතිවිපාක දෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 2:23
39 හුවමාරු යොමු  

මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.


හදවත් සෝදිසි කරන තැනැන්වහන්සේ, ආත්මයාණන්ගේ මනස දන්නා සේක. මන්ද ආත්මයාණන් ශුද්ධවතුන් උදෙසා මැදිහත් වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ය.


ඉන්පසු ඔවුහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, හැමදෙනාගේ සිත් දන්නා ඔබ, මේ දෙදෙනාගෙන් ඔබ තෝරාගත් තැනැත්තා මෙම සේවයට හා අපට දැක්වුව මැනව.


අපක්ෂපාතීව, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නා වූ තැනැන්වහන්සේට පියාණෙනියි ඔබ අමතන්නේ නම්, ඔබගේ විදේශීව සිටින කාලය පුරා ගෞරව භයින් යුතුව පැවත සිටින්න.


තවද ලොකු කුඩා මළවුන් සිංහාසනය ඉදිරියේ සිටගෙන සිටිනවා දුටුවෙමි. පොත් දිග හරිනු ලැබිණි. ජීවනයේ පොත වන තවත් පොතක් දිග හරින ලදී. පොත්වල ලියන ලද දෑ ලෙස, තම තමන් කර තිබූ දෑ අනුව මළාහු විනිශ්චය කරන ලදහ.


කිසි මැවිල්ලක් උන්වහන්සේගේ ඇසින් සැඟවී නැත. අප විසින් ගණන් දිය යුතු වූ තැනැන්වහන්සේගේ ඇස් හමුවේ හැම දෙයක්ම නිරාවරණ ය; විවෘත ය.


මන්ද ශරීරයේ සිටියදී හොඳ හෝ නරක හෝ වේවා, එකිනෙකා කළ කළ දේ අනුව පල විපාක ලබන පිණිස, අප සියල්ලන්ම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතුම ය.


“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවන මරණයෙන් අනතුරක් වන්නේ නැත.


“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවියන්වහන්සේගේ පාරාදීසයේ ඇති ජීවන වෘක්ෂයෙන් කන්නට වර දෙන්නෙමි.


එබැවින්, අප හැම කෙනකුම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතුව ඇත.


උන්වහන්සේ තුන් වන වරටත්, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ආදරේ දැ?” යි ඔහුගෙන් ඇසූ සේක. උන්වහන්සේ තුන් වන වරටත්, “ඔබ මට ආදරේ කරනවා දැ?” යි ඇසූ බැවින් පේතෘස්ගේ සිත රිදිණි. ඔහු උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ඔබතුමා හැම දෙයක්ම දනී; මා ඔබට ආදරේ කරන වග ඔබතුමා දන්නවා” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මාගේ බැටළුවන් පෝෂ්‍ය කරන්න.


මා බැලූ කල, මෙන්න! සුදුමැලි අශ්වයෙක්; අසරුවාගේ නම මරණය ය. හේදිසිය, ඔහු පස්සේ ගියේ ය. කඩුවෙන්, සාගතයෙන්, වසංගතයෙන් හා පොළොවේ වන මෘගයින් මඟින් පොළොවෙන් හතරෙන් එකක් මරා දමන්නට ඔවුනට බලය දෙන ලදී.


මන්ද හැම කෙනකුම තම තමාගේ බර ඉසිලිය යුතුව ඇත.


උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසුන් ඉදිරියේ තමන්ම ධර්මිෂ්ඨ කර ගන්නෝ ඔබයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබේ හදවත් දන්නා සේක. මන්ද මිනිසුන් අතරේ උසස් යයි සලකනු ලබන දේ, දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිකුලක් වෙයි.


මුහුද, එහි වූ මළවුන් බාර දුනි. මරණය හා පාතාලය ද ඒවායේ වූ මළවුන් බාර දුනි. එකිනෙකා කර තිබූ දෑ අනුව හැම කෙනෙක්ම විනිශ්චය කරන ලදහ.


“මෙන්න! මම ඉක්මනින් එමි! හැම කෙනෙක්ම කළ කළ දේ අනුව ඔවුන්ට විපාක දෙන පිණිස, මගේ විපාක මා ළඟ ඇත.


“ගොසින් ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහෙ එන්නැ” යි යේසුස්වහන්සේ කී කල,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්