Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:4 - සිංහල කාලීන පරිවර්තනය

4 දහවල්ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්‍රිය එළඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:4
18 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔවුන් අමතමින් “ආලෝකය ඔබ අතරේ තිබෙන්නේ තව ටික කලකටයි. අන්ධකාරය ඔබ අල්ලා නො ගන්නා පිණිස, ආලෝකය තිබියදී, ගමන් කරන්න. අන්ධකාරයේ ගමන් කරන මිනිසා, තමන් කොතැනක යනවාදැයි නො දනී.


හැම අවස්ථාවකින්ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මගේ ආහාරය මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කර, උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමයි.


එබැවින් අපට ඇති ඉඩ ප්‍රස්ථා අනුව හැම විට, විශේෂයෙන් ඇදහිල්ලේ පවුලට සෙත සලසමු.


කරන්නට ඔබ මට පැවරූ කාරිය සම්පූර්ණ කර, මම පොළොවේදී ඔබ මහිමයට පැමිණ වීමි.


කාලය ඉතා හොඳින් පාවිච්චි කරමින්, පිටස්තර අය සමඟ කටයුතු කිරීමේදී නැණවත්ව ක්‍රියා කරන්න.


“එනමුත් මට තිබෙන්නේ යොහන්ගේ සාක්ෂියට වඩා උතුම් සාක්ෂියකි. ඉෂ්ට කරන පිණිස පියාණන්වහන්සේ මට පැවරූ කාර්ය වන මා දැන් කරගෙන යන වැඩ කොටස, පියාණන්වහන්සේ මා එවූ බවට සාක්ෂි දරයි.


යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “පියාණන්වහන්සේ වෙතින් වූ හොඳ වැඩ බොහොමයක් මා ඔබට පෙන්වූවා. ඔබ මට ගල් ගසන්ට යන්නේ ඒ කුමණ එකට දැ?” යි ඇසූ සේක.


මාගේ පියාණන්වහන්සේගේ වැඩ මා කරන්නේ නැතිනම්, මා විශ්වාස කරන්න එපා.


මන්ද අප ඇසූ දුටු දෑ ගැන කතා නො කර සිටින්නට අපට නුපුළුවනැ” යි කීහ.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පියාණන්වහන්සේ යම් සේ ක්‍රියා කරනවා පුත්‍රයා දකිනවා ද, ඒ දේම කරනවා මිස, තනිව කිසිවක් කරන්නට පුත්‍රයාට නුපුළුවන් බවයි. පුත්‍රයා කරන්නේ, ඒ සැටියෙන්ම පියාණන්වහන්සේ කරන දේ කිරීමයි.


එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “තව ටික කලක් මා ඔබ අතරේ ඉන්නවා. ඉන්පසු මා එවූ තැනැන්වහන්සේ වෙත මා යනවා.


“ ‘කිසිවකු අප වැඩට නො ගත් නිසා යැ’ යි ඔවුහු කීහ. “ ‘ඔබත් මිදි වත්තට යන්නැ’ යි ඔහු ඔවුනට පැවසී ය.


උන්වහන්සේ අත අප්‍රාණික මිනිසා අමතමින්, “නැගිට ඇවිත් මෙතැන සිටින්නැ” යි කී සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්