උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.
ලූක් 6:6 - සිංහල කාලීන පරිවර්තනය තවත් සබත් දිනෙක උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව, උගන්වමින් සිටියදී, දකුණු අත අප්‍රාණික වූ මිනිසෙක් ද එහි විය. Sinhala New Revised Version තවත් සබත් දිනෙක උන් වහන්සේ ධර්මශාලාවට ඇතුළු ව ඉගැන්වූ සේක. දකුණු අත පණ නැති මිනිසෙක් එහි විය. Sinhala New Revised Version 2018 තවත් සබත් දිනෙක උන් වහන්සේ ධර්මශාලාවට ඇතුළු ව ඉගැන්වූ සේක. දකුණු අත පණ නැති මිනිසෙක් එහි විය. Sinhala Revised Old Version තවත් සබත් දවසක උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව ඉගැන්වූසේක. එහි දකුණත වියළී තිබුණු මනුෂ්‍යයෙක් සිටියේය. |
උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.
එහි වූ පරිසිවරුන් හා දහම් පඬිවරුන් ඇමතූ යේසුස්වහන්සේ, “සබතේදී සුව කිරීම යුක්ති සහගත ද? නැද්දැ?” යි ඇසූ සේක.
තමන් හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණි උන්වහන්සේ සබත් දින සුපුරුදු ලෙස සිනගෝගයට ගිය සේක. කියවීමට උන්වහන්සේ නැගිට සිටගත් කල,
එක් සබත් දිනෙක උන්වහන්සේ කුඹුරු යායක් මැදින් ගමන් ගනිද්දී, උන්වහන්සේගේ ගෝලයෝ ධාන්‍ය කරල් කඩා, අතේ පොඩිකර කෑවෝ ය.
පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ. සෙසු අය “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.