Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:5 - සිංහල කාලීන පරිවර්තනය

5 තවද උන්වහන්සේ, “මනුෂ්‍ය පුත්‍රයාණෝ සබතේ ද ස්වාමියාණෝ යැ” යි ඔවුන්ට පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 තවද: මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:5
6 හුවමාරු යොමු  

තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසා උදෙසා සබත ඇති කළා මිස, මිනිසා සබත උදෙසා නො වේ.


ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි.


එවිට වලාකුළක් පැමිණ ඔවුන් වසා ගත්තේ ය: “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය. එතුමාණන්ට සවන් දෙනු” යි වලාකුළින් කටහඬක් නික්ම ආයේ ය.


ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව පූජකයනට විනා, අන් කිසිවකු කෑමට අකැප පිදුම් රොටි ගෙන කා, තම සගයින්ටත් දුන් අයුරු?” යි පැවසූ සේක.


තවත් සබත් දිනෙක උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව, උගන්වමින් සිටියදී, දකුණු අත අප්‍රාණික වූ මිනිසෙක් ද එහි විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්