Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 5:3 - සිංහල කාලීන පරිවර්තනය

3 කොර, අන්ධ, අංසබාග ආදී ආබාධිත සමූහයක් ඒවායේ වැතිර, රැඳී වුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඒවායෙහි අන්ධ වූ ද කොර වූ ද අංශභාග වූ ද රෝගීන් සමූහයක් ඔත්පළ ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඒවායෙහි අන්ධ වූ ද කොර වූ ද අංශභාග වූ ද රෝගීන් සමූහයක් ඔත්පළ ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඒවායේ අන්ධයෝය, කොරුය, වියළි අවයව ඇත්තෝය යන රෝගීන් සමූහයක් ඔත්පළව උන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 5:3
12 හුවමාරු යොමු  

ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “දැන් ආපසු ගොස්, ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.


එකල කොරුන්, අන්ධයින්, අබ්බගාතයින්, ගොළුවන් හා වෙනත් බොහෝ රෝගීන් ද ගෙන උන්වහන්සේ වෙත ආ මහ සමූහයක්, ඒ රෝගීන් උන්වහන්සේගේ පාමුලට ගෙනාහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


එබැවින් සහෝදරයිනි, ස්වාමින්වහන්සේ පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටින්න. ගොවියකු පොළොවෙන් අනගි අස්වනු හට ගැන්වෙනු බලා, ඊට පළමු වැස්ස හා අවසන් වැස්ස ලැබෙන තුරු ඉවසීමෙන් සිටින හැටි බලන්න.


එහෙත් අපට නො පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැන ඉවසිල්ලෙන් බලා හිඳිමු.


උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


යෙරුසලම්හි බැටළු දොරටුව ළඟ හෙබ්‍රෙව් බසින්, “බෙතෙස්දා” නමින් පොකුණක් ද ඒ පොකුණ වටා ආවරණ සහිත ආරුක්කු පහක් ද වෙයි.


ඔවුන් එසේ සිටියේ දේව දූතයෙක් පැමිණ, කලින් කල පොකුණ කලඹතැයි ද එසේ කැළැතූ දියට මුලින්ම බට කවර රෝගියකු වුව සුව වෙතැයි ද යන විශ්වාසයට අනුව දිය කැළතෙන තෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්