ලූක් 6:46 - සිංහල කාලීන පරිවර්තනය “මා කියන දේ නො කර, ‘ස්වාමිනි, ස්වාමිනි’ යි මා අමතන්නේ මන්ද? Sinhala New Revised Version “මා වදාරන දෙය නොකර, මට ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන්නේ මන් ද? Sinhala New Revised Version 2018 “මා වදාරන දෙය නොකර, මට ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන්නේ මන් ද? Sinhala Revised Old Version මා කියන දේ නොකර: ස්වාමීනි, ස්වාමීනියි මට කියන්නේ මක්නිසාද? |
“ඉන්පසු, එක් තලෙන්තය ලද තැනැත්තා ඉදිරියට අවුත්, ‘ස්වාමිනි ඔබ, නො වපුළ දේ කපා ගන්නා වූ, නො විසිරු බීජ රැස්කරන්නාවූ තද ගති ඇති කෙනකු බැව් මා දැන සිටියා.
“ඔවුහු ද පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ නිර්වස්ත්‍රව හෝ රෝගීව හෝ සිරගතව හෝ සිටිනු දැක, අප ඔබට උපස්ථාන නො කළේ කවරදා දැ?’ යි අසනු ඇත.
නො රැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම් කරන්නට කිසිවකුට නුපුළුවන. කෙනකු කපා ගන්නේ, ඔහුම වපුරන දෙයිනි.