Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:45 - සිංහල කාලීන පරිවර්තනය

45 හොඳ මනුෂ්‍යයා, තම හදෙහි නිදන්ගත හොඳ දැයින්, හොඳ දෑ උපද්දයි; නපුරු මිනිසා තම හදෙහි නිදන්ගත නපුරෙන්, නපුර උපද්දයි. මන්ද ඔහුගේ කටින් පිට වන්නේ, ඔහුගේ හදවතින් පිටාර ගලන දෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

45 යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහිවූ යහපත් සම්පතෙන් යහපත් දේද නපුරු මනුෂ්‍යයා නපුරු සම්පතෙන් නපුරුදේද පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කථාකරන්නේ සිතේ පූර්ණකමෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:45
31 හුවමාරු යොමු  

ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න.


මා තුළ විශ්වාස කරන කවරකු වුව ද ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි, ඔහුගේ හද තුළින් ජීවන ගංගා ගලා යන්නේ යැ” යි පැවසූ සේක.


ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.


ඔබගේ කතා බහ නිතරම දයාන්විතව, ලුණෙන් රසවත්ව තිබේවා. එවිට කවරකුට වුව සුදුසු පරිදි පිළිතුරු දෙන්නට ඔබට හැකි වෙයි.


මන්ද, ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම, මාගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි; ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මාගේ ජනතාව වන්නෝ ය.


කාව්‍යයෙන් ද ගීතිකාවලින් ද ආත්මික ගීයෙන් ද එකිනෙකා අමතන්න. ඔබේ හදවතින් ස්වාමින්වහන්සේට සංගීත නගමින්, ගී ගයන්න.


එවිට පේතෘස් කතා කරමින්, “අනනියස්, ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කියා, ඉඩම විකුණූ මිලෙන් කොටසක් ඔබ ළඟ තබා ගැනීමට සාතන් ඔබේ හදවත පිරවූයේ ඇයි?


සියල්ලන්ටම විනිශ්චය තීන්දු කිරීමටත්, සියල්ලන්, ඒ සා අභක්තික මාර්ගවලින් කරන ලද සියලු අභක්තික ක්‍රියා ගැන හා උන්වහන්සේට එරෙහිව අභක්තික පව්කරුවන් පවසන ලද සියලු රළු කියුම් ගැන ඔවුන් වරදකරුවන් කිරීමටත් ය.”


සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්