එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි.
ලූක් 22:26 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි; Sinhala New Revised Version එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙන් ද නායකයා සේවකයා මෙන් ද වේ වා; Sinhala New Revised Version 2018 එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙන් ද නායකයා සේවකයා මෙන් ද වේ වා; Sinhala Revised Old Version නුමුත් නුඹලා එසේ නොව, නුඹලා අතරෙන් වඩා උත්තමයා බාලයා මෙන් වේවා; ප්‍රධානයා උපස්ථානකරන්නා මෙන් වේවා. වඩා උතුම් කවුද? |
එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි.
එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා වන්නට කැමති තැනැත්තා, ඔබගේ සේවකයා විය යුතුයි.
යේසුස්වහන්සේ වාඩි වී, දොළොස් දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “යමකුට ප්‍රථමයා වන්නට ඕනෑ නම්, ඔහු සියල්ලන්ගේ අන්තිමයා ද සැමගේ සේවකයා ද විය යුතු යැ” යි පැවසූ සේක.
“මාගේ නාමයෙන් මේ දරුවා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි; මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි. මන්ද ඔබ අතරේ වඩා උත්තමයා, ඔබ අතරේ ඉතාම සුළු තැනැත්තා” යි පැවසූ සේක.
තවදුරටත් මේ ලෝකයේ ගති-පිළිවෙලට අනුකූල නො වී, ඔබේ මනස අලුත් කර ගැනීමෙන් වෙනස් ආකාර වන්න. දෙවියන්වහන්සේගේ කැමැත්ත, යහපත්වූත්, ප්‍රිය ප්‍රසන්නවූත්, පරිපූර්ණවූත් කැමැත්ත කුමක්දැයි ඔබටම පරීක්ෂා කර, අනුමත කර ගත හැකි වන්නේ එවිට ය.
එසේම, තරුණ වූ ඔබ, වැඩිහිටියනට අවනත වන්න. ඔබ හැම කෙනෙක්ම එකිනෙකා වෙත යටහත්කමින් සැරසෙන්න. මන්ද, “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක්, යටහත් අයට අනුග්‍රහය දෙන සේක.”