Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 22:26 - Sinhala Revised Old Version

26 නුමුත් නුඹලා එසේ නොව, නුඹලා අතරෙන් වඩා උත්තමයා බාලයා මෙන් වේවා; ප්‍රධානයා උපස්ථානකරන්නා මෙන් වේවා. වඩා උතුම් කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙ‍න් ද නායකයා සේවකයා මෙ‍න් ද වේ වා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙ‍න් ද නායකයා සේවකයා මෙ‍න් ද වේ වා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 22:26
10 හුවමාරු යොමු  

එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.


නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.


යමෙක් මාගේ නාමයෙන් මේ කුඩා ළමයා පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. යමෙක් මා පිළිගන්නේද ඔහු මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය. කුමක් හෙයින්ද නුඹලා සියල්ලන් අතරෙහි ඉතා කුඩා අයම උතුම්යයි ඔවුන්ට කීසේක.


එකල උන්වහන්සේ වාඩිවී, දොළොස්දෙනා කැඳවා: යමෙක් පළමුවෙනියා වෙන්ට කැමති නම් ඔහු සියල්ලන්ට අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත් වේවයි ඔවුන්ට කීසේක.


නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.


නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය.


නුමුත් නුඹලා අතරේ එසේ නොවේය. නුඹලා අතරේ උතුම්වෙන්ට කැමති කවරෙක් නුමුත් නුඹලාගේ සේවකයා වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්