Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 20:26 - සිංහල කාලීන පරිවර්තනය

26 එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 20:26
23 හුවමාරු යොමු  

එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා වන්නට කැමති තැනැත්තා, ඔබගේ සේවකයා විය යුතුයි.


මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් පවා පැමිණියේ, සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් යැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ වාඩි වී, දොළොස් දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “යමකුට ප්‍රථමයා වන්නට ඕනෑ නම්, ඔහු සියල්ලන්ගේ අන්තිමයා ද සැමගේ සේවකයා ද විය යුතු යැ” යි පැවසූ සේක.


ඔබට භාර දෙන ලද්දවුන් වෙත අධිපතිකමින් නො ව, රැළට ආදර්ශවත් වෙමිනි.


“මා ඔබට කියන්නේ ධර්මිෂ්ඨ කරනු ලැබ, තම නිවසට ගියේ මේ මිනිසායි; අනෙකා නො වෙයි. මන්ද තමාම උසස් කරගන්නා පහත් කරනු ලැබේ. තමාම පහත් කරගන්නා උසස් කරනු ලැබේ යැ” යි පැවසූ සේක.


යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහිදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝමහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.


“ඔවුහු ද පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ නිර්වස්ත්‍රව හෝ රෝගීව හෝ සිරගතව හෝ සිටිනු දැක, අප ඔබට උපස්ථාන නො කළේ කවරදා දැ?’ යි අසනු ඇත.


ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?


ශුභාරංචිය උදෙසා මා මෙසේ සිරගතව සිටියදී මගේ උපකාරයට, ඔබ වෙනුවට ඔහු මා වෙත රඳවා ගැනීම මගේ කැමැත්තයි.


ඒ දවසේ ස්වාමින්වහන්සේගෙන් දයාව ලබන්නට ස්වාමින්වහන්සේ ඔහුට වර දෙන සේක්වා! එපීසයේදී ඔහු මට කළ නොයෙකුත් උපකාර ඔබත් හොඳින්ම දනී.


ඔබගේ ඇදහිල්ල ගැන අප අධිපතිකම් කරන්නේ නැත. ඔබගේ ප්‍රීතිය උදෙසා අපි ඔබ සමඟ සේවය කරන්නෙමු. මන්ද ඔබ ස්ථිරව සිටගෙන සිටින්නේ ඇදහිල්ලේ ය.


සලමිස් නගරයට ළඟා වූ ඔවුහු, එහි යුදෙව් සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. යොහන් ඔවුන්ගේ සහායකයාව සිටියේ ය.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ රාජ්‍යය මෙලොවෙන් නො වෙයි. මගේ රාජ්‍යය මෙලොවෙන් වූවා නම්, මා අත්අඩංගුවට ගන්නට යුදෙව්වන්ට ඉඩ නො දී මගේ සේවකයින් සටන් වදින්නට තිබුණි. එනමුත් දැන් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නො වේ යැ” යි කී සේක.


දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ.


ඇය ශුද්ධවතුන්ගේ ලෙයින්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දැරූවන්ගේ ලෙයින් බීමත්ව සිටිනු මම දුටුවෙමි. ඇය දුටු කල, මම අතිශයින් පුදුම වීමි.


මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි.


එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්