රජු ඔහු අමතමින්, ‘මිත්‍රය, මංගල ඇඳුම් නො මැතිව ඔබ මෙතැනට ආවේ කොහොම දැ?’ යි ඇසී ය. මිනිසාට කතා නැති විය.
ලූක් 20:26 - සිංහල කාලීන පරිවර්තනය ජනයා ඉදිරියේ කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට අපොහොසත් වූ ඔවුහු උන්වහන්සේගේ පිළිතුරෙන් මවිතව, නිහඬ වූහ. Sinhala New Revised Version මෙසේ සෙනඟ ඉදිරියෙහි දී උන් වහන්සේ කට වචනයෙන් අල්ලාගන්නට ඔවුන්ට බැරි විය. ඔව්හු උන් වහන්සේගේ පිළිතුරට පුදුම ව නිහඬ වූ හ. Sinhala New Revised Version 2018 මෙසේ සෙනඟ ඉදිරියෙහි දී උන් වහන්සේ කට වචනයෙන් අල්ලාගන්නට ඔවුන්ට බැරි විය. ඔව්හු උන් වහන්සේගේ පිළිතුරට පුදුම ව නිහඬ වූ හ. Sinhala Revised Old Version සෙනඟ ඉදිරියෙහිදී උන්වහන්සේගේ කීම අල්ලාගන්ට බැරිවිය. ඔව්හු උන්වහන්සේගේ උත්තරයට පුදුමව, නිශ්ශබ්දව සිටියෝය. |
රජු ඔහු අමතමින්, ‘මිත්‍රය, මංගල ඇඳුම් නො මැතිව ඔබ මෙතැනට ආවේ කොහොම දැ?’ යි ඇසී ය. මිනිසාට කතා නැති විය.
ඒ ඇසූ කල, විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස අමතා, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හි කිසිවකු වෙතින්වත් මා දැක නැති බවයි.
ඒ කතාවට උන්වහන්සේගේ එදිරිවාදි සියල්ලෝ ලජ්ජාවට පත් වූහ. එහෙත් පොදු ජනයා, උන්වහන්සේ විසින් කරන ලද මහිමාන්විත දෑ ගැන මහත් සතුටට පත් වූහ.
එබැවින් ඔවුහු විපරමින් සිට, අවංකයින් සේ පෙන්නුම් කළ ඔත්තුකරුවන් උන්වහන්සේ වෙත යැවූහ. එසේ කළේ, කට වචනයෙන් උන්වහන්සේ කොටු කර, ආණ්ඩුකාරයාගේ බලාධිකාරියට ද ආධිපත්‍යයට ද උන්වහන්සේ බාර දෙන අදහසින් ය.
දැන් අප දන්නා පරිදි, හැම කටක්ම වහන පිණිස හා මුළු ලෝකයම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, දහම් නීතියේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ නීතිය යටතේ සිටින්නන්ට ය.
මන්ද පුහු කතාකරුවන් වූ, රැවටිලිකාර හිතුවක්කරුවන් බොහෝ දෙනෙක් වෙති; විශේෂයෙන් ඒ චර්මඡේදිත කණ්ඩායමේ අය ය.