එකල ඔහු වෙනත් දාසයකු ඔවුන් වෙත යැවී ය. ඔවුහු ඔහුගේ හිසට පහර දී, ඔහුට නින්දා සහගතව සැලකූහ.
ලූක් 20:11 - සිංහල කාලීන පරිවර්තනය එකල ඔහු වෙනත් දාසයකු යැවී ය. ඔවුහු ඔහුට ද තළා, නින්දා සහගතව සලකා, හිස් අතින්ම පලවා හැරියහ. Sinhala New Revised Version පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය. Sinhala New Revised Version 2018 පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය. Sinhala Revised Old Version පසුව ඔහු වෙන දාසයෙකු යැවීය. ගොවියෝ ඔහුටත් තළා, නිග්‍රහකොට, ඔහු හිස් අතින් ඇරියෝය. |
එකල ඔහු වෙනත් දාසයකු ඔවුන් වෙත යැවී ය. ඔවුහු ඔහුගේ හිසට පහර දී, ඔහුට නින්දා සහගතව සැලකූහ.
නිසි කල පැමිණි විට, මිදි වත්තේ පලවලින් කොටසක් ඔවුන් තමාට ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත සේවකයකු යැවී ය. එහෙත් බදුකරුවෝ ඔහුට තළා, හිස් අතින්ම ආපසු හැරියහ.
නුඹලාගේ පියවරුන් පීඩා නො කළ එක් දිවැසිවරයකු හෝ සිටියේ ද? ධර්මිෂ්ඨයාණන්ගේ පැමිණීම ගැන අනාවැකි කී අය පවා, ඔවුහු මරා දැමූහ. දැන් නුඹලා උන්වහන්සේ පාවා දී, මරා දමා ඇත.
ඔබ දන්නා පරිදි කලින් පිලිප්පියේදී හිංසා හා නිග්‍රහ විඳිනට අපට සිදු වුවත්, අපගේ දෙවියන්වහන්සේගේ උපකාරයෙන් දැඩි විරෝධතා මැද වුව ද දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නට අපට ධෛර්යය තිබුණි.