Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 20:11 - Sinhala New Revised Version

11 පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 එකල ඔහු වෙනත් දාසයකු යැවී ය. ඔවුහු ඔහුට ද තළා, නින්දා සහගතව සලකා, හිස් අතින්ම පලවා හැරියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 පසුව ඔහු වෙන දාසයෙකු යැවීය. ගොවියෝ ඔහුටත් තළා, නිග්‍රහකොට, ඔහු හිස් අතින් ඇරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:11
8 හුවමාරු යොමු  

ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.


යළිත් ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙත යැවී ය. ඔව්හු ඔහුගේ හිස තුවාළ කොට ඔහුට නින්දා අපහාස ද කළහ.


පල නෙළන කාලයේ දී, මිදි වත්තේ අස්වැන්නෙන් කොටසක් ගොවීන්ගෙන්, ලබන රිසියෙන්, ඔහු දාසයකු ඔවුන් වෙත යැවී ය. එහෙත් ගොවීහු ඔහුට තළා පෙළා ඔහු හිස් අතින් හැරියෝ ය.


යළිත් ඔහු තුන්වැනියෙකු යැවී ය. ඔව්හු ඔහුටත් තුවාළ කොට එළවා දැමූ හ.


ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.


ඔබ දන්නා පරිදි, ඊට පෙර පිලිප්පියෙහි දී, අපි දුකට හා නිග්‍රහයට භාජනය වීමු. එහෙත් බොහෝ විරුද්ධවාදිකම්වලට මුහුණ පාමින් වුව ද, ඔබට සුබ අස්න දේශනා කිරීමට දෙවියන් වහන්සේ අප ධෛර්යවත් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්