ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 19:21 - සිංහල කාලීන පරිවර්තනය

ඔබ, තද කෙනකු නිසා මා බය වීමි. ඔබ තැන්පත් නො කළ දේ ගන්නා වූ, නො වපුළ දේ කපා ගන්නා වූ, කෙනෙකි’ යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මන්ද, ඔබ නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ දැඩි සිතක් ඇති කෙනෙකු බැවින් ඔබට බිය වූවෙමි’යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, ඔබ නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ දැඩි සිතක් ඇති කෙනෙකු බැවින් ඔබට බිය වූවෙමි’යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ඔබ නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙකු බැවින්, ඔබට භයවූයෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න



ලූක් 19:21
16 හුවමාරු යොමු  

“තවත් කෙනෙක් පැමිණ, ‘ස්වාමිනි, මෙන්න ඔබේ මස්ස; මා එය රෙදි කඩක ඔතා තැබුවෙමි.


“හාම්පුතා ඔහුට පිළිතුරු දෙමින්, ‘එම්බා දුෂ්ට සේවකය! මා නුඹ විනිශ්චය කරන්නේ නුඹේම වචනවලින්; මා තැන්පත් නො කළ දේ ගන්න, නො වැපුරූ දේ කපා ගන්න තද ගති ඇත්තකු වග නුඹ දැන සිටියා?


මන්ද ඔබ ලබා ඇත්තේ, නැවත බයට වහල් වන ආත්මයක් නො වේ. ඔබ ලබා ඇත්තේ පුත්‍රයින් බවට පත් කරන ආත්මයාණන් ය; උන්වහන්සේ මඟින් අපි, “අබ්බා, පියාණෙනි!” කියා හඬ ගසන්නෙමු.


මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන්ම යටත් කළ නො හැකි ය.


මන්ද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නො ව, බලයේත්, ප්‍රේමයේත්, සංයමයේත් ආත්මයකි.


මන්ද මුළු දහම් නීතියම පිළිපැද, ඉන් එක් කොටසක් කඩ වුවහොත් මුළු නීති සංග්‍රහය ගැනම වරදකරුවකු වෙයි.


ප්‍රේමය තුළ බයක් නැත. පරිපූර්ණ ප්‍රේමය බය පිටත හෙළයි. බය ඇති වන්නේ දඬුවම සම්බන්ධව ය; බයවන තැනැත්තා ප්‍රේමය තුළ සම්පූර්ණ කරනු ලැබ නැත.


සියල්ලන්ටම විනිශ්චය තීන්දු කිරීමටත්, සියල්ලන්, ඒ සා අභක්තික මාර්ගවලින් කරන ලද සියලු අභක්තික ක්‍රියා ගැන හා උන්වහන්සේට එරෙහිව අභක්තික පව්කරුවන් පවසන ලද සියලු රළු කියුම් ගැන ඔවුන් වරදකරුවන් කිරීමටත් ය.”