මා ඔබට කියන්නේ, නැගෙනහිරින් හා බස්නාහිරින් පැමිණෙන බොහෝ දෙනකු ස්වර්ග රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සමඟ අසුන් ගන්නා
ලූක් 13:29 - සිංහල කාලීන පරිවර්තනය නැගෙනහිරින් හා බස්නාහිරින් ද උතුරින් හා දකුණින් ද ජනයා පැමිණ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට අසුන් ගනු ඇත. Sinhala New Revised Version තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය. Sinhala New Revised Version 2018 තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය. Sinhala Revised Old Version තවද මනුෂ්‍යයෝ නැගෙනහිරින්ද බස්නාහිරින්ද උතුරෙන්ද දකුණෙන්ද ඇවිත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි හිඳගන්නෝය. |
මා ඔබට කියන්නේ, නැගෙනහිරින් හා බස්නාහිරින් පැමිණෙන බොහෝ දෙනකු ස්වර්ග රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සමඟ අසුන් ගන්නා
තවද උන්වහන්සේ තමන් තෝරා ගත්තවුන් සිවු දෙසින් ම රැස් කරන පිණිස, පොළෝ සීමාන්තයේ සිට අහස් සීමාන්ත දක්වා සුර දූතයින් යවන සේක.
සැබවින් ම, දැන් අන්තිමයින් වන ඇතමෙක් ප්‍රථමයින් ද දැන් ප්‍රථමයින් වන ඇතමෙක් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.
“එබැවින් දෙවියන්වහන්සේගේ මේ ගැලවීම අන්‍ය-ජාතීන් වෙත ගෙන යනු ලබන වග, දැන ගනිත්වා! ඔවුන් ඊට සවන් දෙනු ඇතැ” යි පැවසී ය.
එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි.
ඔබ වෙත පැමිණි මෙම ශුභාරංචිය අසා, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සැබෑවෙන් ඔබ වටහා ගත් දා පටන්, ඔබ මධ්‍යයේ සිදුවන අයුරින්, එය ලොව මුළුල්ලේම පැතිර පල දරමින්, වැඩෙමින් පවතී.