Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 1:6 - සිංහල කාලීන පරිවර්තනය

6 ඔබ වෙත පැමිණි මෙම ශුභාරංචිය අසා, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සැබෑවෙන් ඔබ වටහා ගත් දා පටන්, ඔබ මධ්‍යයේ සිදුවන අයුරින්, එය ලොව මුළුල්ලේම පැතිර පල දරමින්, වැඩෙමින් පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඒ ශුභාරංචිය මුළු ලෝකයට මෙන් නුඹලා වෙතටත් පැමිණී තිබේ; නුඹලා එය අසා දෙවියන්වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත් දා පටන් ඒ නුඹලා අතරේ මෙන් මුළු ලෝකයෙහිත් ඵල දරමින් වර්ධනයවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 1:6
36 හුවමාරු යොමු  

ඔබ, මා තෝරා ගත්තා නො වේ. ඔබ තෝරා, පත් කළේ මමයි. එසේ කළේ, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ ඔබට දෙන පිණිසත්, ඔබ ගොස් පල දරන පිණිසත්, ඔබේ ඒ පල පවතින පිණිසත් ය.


දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය හා ප්‍රශංසාව උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන ධර්මිෂ්ඨකමේ පලයෙන් ඔබ සපිරෙනු ඇත.


විශ්වාසී සහෝදරයෙකැයි මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන්, ඔබ දිරි ගන්වමින්, දෙවියන්වහන්සේගේ යථා අනුග්‍රහය මේ යයි සාක්ෂි දෙමින් මම ඔබට ලීවෙමි. අනුග්‍රහයේ ස්ථාවරව පිහිටා සිටින්න.


එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි.


ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මඟින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ


සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක්ම එය වළක්වනු ලැබූ වග ඔබ දැන ගන්නවාට කැමතියි.


එහෙත් අව්‍යාජව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදාවෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක.


ඉන්පසු උන්වහන්සේ ඔවුන් අමතා, “ලෝකය පුරා ගොස් සකල මැවිල්ලටම ශුභාරංචිය ප්‍රකාශ කරන්න.


සෙසු බීජ සරු බිමෙහි වැටිණි; ඒවා පැළවී, වැඩී, පල දරමින් තිස් ගුණයක්, හැට ගුණයක් හා සිය ගුණයක් බැගින් අස්වනු ඉපද වීය.”


රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.


ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.


අප වෙතින් ඔබ ඇසූ දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් කල, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙසින් නො වේ; අදහන්නා වූ ඔබ තුළ ක්‍රියා කරන, එහි සැබෑ ස්වභාවයට අනුව දෙවියන්වහන්සේගේම වචනය ලෙසිනි. ඒ ගැන ද නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු.


මන්ද අපගේ ශුභාරංචිය ඔබ වෙත ආවේ, හුදෙක් වචන මඟින් පමණක් නො වේ; බලයෙන්, ශුද්ධාත්මයාණන්ගෙන් හා සහතික විශ්වාසයකින් යුතුව ය. ඔබ උදෙසා අප කෙලෙස ඔබ අතරෙහි විසුවාදැයි ඔබ දන්නහු ය.


තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත් වීමට හා හැම අතින්ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද


මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි.


(ආලෝකයේ පලවලට හැම අයුරකම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.)


ඔබගේ සිත්හි ආකල්ප අලුත් කර ගැනීමටත්,


සැබවින් ම ඔබ උන්වහන්සේ ගැන ඇසුවේත්, උන්වහන්සේ තුළ ඔබට උගන්වනු ලැබුවේත් යේසුස්වහන්සේ තුළ වූ සත්‍යතාවට අනුකූලව ය.


ඔබ වෙත අප ළඟා වී නැතිවා වැනිව, අපගේ දුර සීමාව ඉක්මවා යනවා නො වේ. මන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය රැගෙන, ඒ මුළු දුර ගෙවාගෙන, මුලින්ම ඔබ වෙත ආවේ අප ය.


එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි.


අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි.


අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.


අපට සවන් දෙමින් සිටියවුන් අතරේ ලිදියා නම් ස්ත්‍රියක් වූවා ය. තියාතිරා වාසී ඕ, දම් පැහැ සළු පිළි ව්‍යාපාරිකාවකි; දෙවියන්වහන්සේට වන්දනා මාන කළ තැනැත්තියකි. පාවුල් දෙසූ පණිවුඩයට අනුකූලතා දැක්වීමට දෙවියන්වහන්සේ ඇගේ හද විවර කළ සේක.


එහෙත් දෙවියන්වහන්සේගේ වචනය වර්ධන වෙමින් පැතිරෙන්නට විය.


පේතෘස්ගේ එම කතාව ඇසූ පසු, ඔවුන්ගේ විරෝධතා නැවතිණි. “එසේ නම් ජීවනය පිණිස වූ පසුතැවිල්ල දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන්ටත් අනුමත කළ සේකැ” යි කියමින් ඔවුහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.


එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද


ඔබ උදෙසා මට පවරනු ලැබ ඇති දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ භාරකාරත්වය ගැන ඔබ අසා ඇතැයි සිතමි.


එබැවින් මේ කාරිය නිම වූ පසු, එකතු වූ මේ පල ඔවුන්ට බාර දුන් පසු, මා ස්පාඤ්ඤය බලා යන්නේ, ඒ ගමනේදී ඔබත් බැහැදකිමිනි.


සත්‍යතාවෙන් ඔවුන් කැප වන පිණිස මම ඔවුන් උදෙසා මා කැප කර ගනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්