මන්ද එවිට කතා කරන්නේ ඔබ නො වේ; ඔබගේ පියාණන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළින් කතා කරන සේක.
ලූක් 12:30 - සිංහල කාලීන පරිවර්තනය මන්ද ලොව අන්‍ය-ජාතීහු මේ දෑ හඹා යති. ඒවා ඔබට උවමනා වග ඔබගේ පියාණන්වහන්සේ දන්නා සේක. Sinhala New Revised Version මේ සියල්ල ලෝකයේ සියලු ජාතීහු මුළු සිතින් සොයා යති; මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් වහන්සේ දන්නා සේක. Sinhala New Revised Version 2018 මේ සියල්ල ලෝකයේ සියලු ජාතීහු මුළු සිතින් සොයා යති; මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් වහන්සේ දන්නා සේක. Sinhala Revised Old Version මක්නිසාද මේ සියල්ල ලෝකයේ ජාතීහු සොයති. මේ දේවල් නුඹලාට වුවමනා බව නුඹලාගේ පියාණන්වහන්සේ දන්නාසේක. |
මන්ද එවිට කතා කරන්නේ ඔබ නො වේ; ඔබගේ පියාණන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළින් කතා කරන සේක.
එසේම මේ කුඩාවුන්ගෙන් එකකු හෝ විනාශ වීම ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නො වේ.
ඔබ ආචාර කරන්නේ ඔබගේ සහෝදරයින්ට පමණක් නම්, අන් අය කරනවාට වඩා එහි ඇති පලේ කුමක් ද? විජාතිකයෝ පවා එසේ නො කරත් ද?
“අනුන්ට පෙනෙන්නට ඔවුන් ඉදිරියේ ඔබගේ ධර්මිෂ්ඨකම් නො කරන්නට පරෙස්සම් වන්න. නැතහොත් ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගෙන් ඔබට ඉටු විපාකයක් නො ලැබෙනු ඇත.
මන්ද අන්‍ය-ජාතීහු ඒ සියල්ල හඹා යති. ඒවා ඔබට උවමනා වග ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නා සේක.
ඔවුනට සමාන නො වන්න. මන්ද ඔබට අවශ්‍ය මොනවාදැයි ඔබ ඉල්ලන්නටත් පළමුවෙන් ඔබේ පියාණන්වහන්සේ දන්නා සේක.
යේසුස්වහන්සේ ඇයට කතා කොට, “මා තවමත් පියාණන්වහන්සේ වෙත නො නැංග නිසා, මට අත නො තබන්න. එනමුත් මගේ සහෝදරයින් වෙත ගොස්, ‘මම, මගේ පියාණන්වහන්සේ හා ඔබේ පියාණන්වහන්සේ වෙත, මගේ දෙවියන්වහන්සේ හා ඔබේ දෙවියන්වහන්සේ වෙත නැඟෙන්නෙමි’ යි කී වග ඔවුන්ට කියන්නැ” යි කී සේක.
එබැවින් මා ඔබට කියන්නේත්, ස්වාමින්වහන්සේ තුළ තරයේම ඔබෙන් ඉල්ලන්නේත්, තවදුරටත් අන්‍ය-ජාතීන් මෙන් තම නිස්සාර කල්පනා අනුව ජීවිතය ගත නො කරන ලෙසයි.