Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 12:31 - සිංහල කාලීන පරිවර්තනය

31 එනමුත් උන්වහන්සේගේ රාජ්‍යයම සොයන්න. එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එසේ නොව උන් වහන්සේගේ රාජ්‍යය සොයා යන්න, එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එසේ නොව උන් වහන්සේගේ රාජ්‍යය සොයා යන්න, එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 එහෙත් උන්වහන්සේගේ රාජ්‍යයම සොයන්න, එවිට මේ දේවලුත් නුඹලාට දෙනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 12:31
14 හුවමාරු යොමු  

එබැවින් පළමු කොට දෙවියන්වහන්සේගේ රාජ්‍යයත්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට ඒ හැම දේත් ඔබට දෙනු ලැබේ.


මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද, “කොහෙත්ම මම ඔබ හැර නො යමි; කිසි කල ඔබ අත්හැර නො දමමි” යි උන්වහන්සේ පවසා තිබේ.


ශාරීරික අභ්‍යාසයේ යම් වටිනාකමක් ඇත. එහෙත් මේ ජීවිතයට මෙන්ම මතු ජීවිතයට ද පොරොන්දු දරා සිටින දේව භක්තිවන්තකම හැම අතින්ම වටින්නේ ය.


දිරා ජරාවට යන ආහාර සඳහා නො වෙහෙසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ඔබට දෙන සදාතන ජීවනයට පවතින ආහාර සඳහා වෙහෙසෙන්න. මන්ද උන්වහන්සේ පිට පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ තම මුද්‍රාව තබා ඇතැ” යි පැවසූ සේක.


එසේ නම් මේ දෑ ගැන කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අපේ පැත්තට නම්, අපට එරෙහි විය හැක්කේ කවරකුට ද?


එනමුත් අවශ්‍ය වන්නේ එක් දෙයයි. මරියා තෝරා ගෙන ඇත්තේ වඩා හොඳ කොටසයි. ඒ දේ ඈ කෙරෙන් පැහැර ගනු ලබන්නේ නැතැ” යි ඇයට කී සේක.


මන්ද ලොව අන්‍ය-ජාතීහු මේ දෑ හඹා යති. ඒවා ඔබට උවමනා වග ඔබගේ පියාණන්වහන්සේ දන්නා සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්