ලූක් 1:53 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ සාගිනි වූවන් යහ දෙයින් පුරවා, ධනවතුන් හිස් අතින් ඉවත යැවූ සේක්, Sinhala New Revised Version සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක. Sinhala New Revised Version 2018 සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක. Sinhala Revised Old Version බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක. |
දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්ත ය, මන්ද ඔබ තෘප්තියට පත් කරනු ලබනු ඇත. දැන් හඬා වැටෙන ඔබ භාග්‍යවත් ය, මන්ද ඔබ සිනාසෙනු ඇත.
එවිට යේසුස්වහන්සේ, “ජීවනදායක රොටි මමයි; මා වෙත එන කවරකුට වුවත්, කිසි කල සාගිනි නො වේ. මා අදහා ගන්නා කවරකුට වුවත්, කිසි කල පිපාස නො වේ.
සහෝදරයිනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක සම්මතයට අනුව ප්‍රඥාවත් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ. බලවන්තයින් බොහෝ දෙනෙක් හෝ කුලවන්තයින් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ.
ඔබට අවශ්‍ය සියල්ල දැනටම ඔබට ලැබිලා! දැනටමත් ඔබ ධනවත් වෙලා! අප නො මැතිව ඔබ රජවරුන් බවට පත් වෙලා! ඔබ රජකම් කළෝ නම් අපටත් ඔබ සමඟින් රජකම් කරන්නට තිබුණි!