ඒ කතාවට උන්වහන්සේගේ එදිරිවාදි සියල්ලෝ ලජ්ජාවට පත් වූහ. එහෙත් පොදු ජනයා, උන්වහන්සේ විසින් කරන ලද මහිමාන්විත දෑ ගැන මහත් සතුටට පත් වූහ.
යොහන් 8:9 - සිංහල කාලීන පරිවර්තනය ඒ ඇසූ ඔවුහු, වැඩිමහල් අයගෙන් පටන් ගෙන එක් එක්කෙනා ඉවත්ව ගියහ. ඉතිරි වූයේ යේසුස්වහන්සේත් උන්වහන්සේ ඉදිරියේ සිටගෙන සිටි ඒ ස්ත්‍රියත් පමණි. Sinhala New Revised Version ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. Sinhala New Revised Version 2018 ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. Sinhala Revised Old Version ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය. |
ඒ කතාවට උන්වහන්සේගේ එදිරිවාදි සියල්ලෝ ලජ්ජාවට පත් වූහ. එහෙත් පොදු ජනයා, උන්වහන්සේ විසින් කරන ලද මහිමාන්විත දෑ ගැන මහත් සතුටට පත් වූහ.
යේසුස්වහන්සේ කෙළින් වී සිට, ඇය අමතමින්, “කෝ ඔවුන් කොහේ ද? කවුරුවත් ඔබ වරදකරු කළේ නැද්දැ?” යි ඇසූ සේක.
යේසුස්වහන්සේ යළිත් ජනයා අමතමින්, “ලෝකයේ ආලෝකය මමයි. මා අනුගමන කරන කවරකු වුවත්, අන්ධකාරයේ ගමන් කරන්නේ නැතිවාත් හැර, ජීවනයේ ආලෝකය ලබන්නේ යැ” යි පැවසූ සේක.
හිමිදිරි උදෙන් උන්වහන්සේ දේව මාලිගයට යළි පැමිණි සේක. ජනයා සැවොම උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ හිඳගෙන, ඔවුන්ට උගන්වන්නට පටන් ගත් සේක.
පරපුරුෂ සේවනයේ ගැලෙද්දී අසු වූ ස්ත්‍රියක අල්ලා, ගෙන ආ දහම් පඬිවරු හා පරිසිවරු පිරිස මධ්‍යයේ ඇය සිටුවා,
ඔවුන්ගේ හෘදය සාක්ෂියේ සාක්ෂි දැරීමෙන් හා තමන්ටම දොස් තබමින් හෝ තමන් නිදොස් කරමින් නැගෙන සිතිවිලි මඟින්, දහම් නීතියේ කටයුතු ඔවුන්ගේ හදවත්හි ලියවී ඇති වග ඔවුහු පෙන්වා දෙති.
කිසිවකුත් පරදාර සේවනයේ ගැලිය යුතු නැතැයි කියන ඔබ පරදාර සේවනයේ යෙදෙනවා ද? පිළිම වන්දනාව පිළිකුල් කරන ඔබ, දේවාල කොල්ලකනවා ද?
මන්ද අප හදවත් අපට දෝෂාරෝපණ කරන කවර විටෙක වුව, දෙවියන්වහන්සේ අප හදවත්වලට වඩා උතුම් ය; උන්වහන්සේ සියලු දේම දන්නා සේක.