යොහන් 8:9 - Sinhala New Revised Version9 ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 ඒ ඇසූ ඔවුහු, වැඩිමහල් අයගෙන් පටන් ගෙන එක් එක්කෙනා ඉවත්ව ගියහ. ඉතිරි වූයේ යේසුස්වහන්සේත් උන්වහන්සේ ඉදිරියේ සිටගෙන සිටි ඒ ස්ත්‍රියත් පමණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය. පරිච්ඡේදය බලන්න |
ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. මන්ද, ඔවුන්ගේ සිතුවිලි සමහර විටක ඔවුන් සදොස් බවත් සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අබිරහස් විනිශ්චය කරවන සේක. මාගේ සුබ අස්න මෙය යි.