Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 8:3 - සිංහල කාලීන පරිවර්තනය

3 පරපුරුෂ සේවනයේ ගැලෙද්දී අසු වූ ස්ත්‍රියක අල්ලා, ගෙන ආ දහම් පඬිවරු හා පරිසිවරු පිරිස මධ්‍යයේ ඇය සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එවිට කාමමිථ්‍යාචාරය කරද්දී අසුවූ ස්ත්‍රියෙක් ලියන්නන් හා ඵරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:3
10 හුවමාරු යොමු  

ජනයාගේ නායක පූජක සියල්ලන් හා දහම් පඬිවරුන් රැස්කර වූ ඔහු, ක්‍රිස්තුස්වහන්සේ කොතැන්හි උපදින්නට නියමිතදැයි ඔවුන්ගෙන් විමසී ය.


හිමිදිරි උදෙන් උන්වහන්සේ දේව මාලිගයට යළි පැමිණි සේක. ජනයා සැවොම උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ හිඳගෙන, ඔවුන්ට උගන්වන්නට පටන් ගත් සේක.


උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය අල්ලා ගත්තේ, පරපුරුෂ සේවනයේ ගැලෙද්දීමයි.


ඒ ඇසූ ඔවුහු, වැඩිමහල් අයගෙන් පටන් ගෙන එක් එක්කෙනා ඉවත්ව ගියහ. ඉතිරි වූයේ යේසුස්වහන්සේත් උන්වහන්සේ ඉදිරියේ සිටගෙන සිටි ඒ ස්ත්‍රියත් පමණි.


එවිට ඔවුහු කලින් අන්ධව සිටි ඒ මිනිසා පරිසිවරුන් වෙත ගෙන ගියහ.


පේතෘස් හා යොහන් තමන් ඉදිරියට කැඳවූ ඔවුහු, “නුඹලා මේ දේ කළේ කවර බලයකින් ද? කවරකුගේ නාමයෙන් දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.


තවද ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටියදී, ඇය වෙනත් මිනිසකු හා ජීවත්වුණොත්, ඇය පරදාරිකාවකැයි කියනු ලබයි. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළහොත්, ඔහු හා බැඳි විවාහ බැම්මෙන් ඇය නිදහස් වන බැවින්, ඉන්පසු වෙනත් පුරුෂයකු හා විවාහ වුවත්, ඇය පරදාරිකාවක් වන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්