මේ අතර ගොඩබිමට ඈතින් වූ ඔරුවට රළ රැළි පහර දෙන්නට වූයේ, සුළඟ ඔවුන්ට එරෙහිව හැමූ බැවිනි.
යොහන් 6:18 - සිංහල කාලීන පරිවර්තනය සැඩ කුණාටුවක් හමා, මුහුද රළු වන්නට විය. Sinhala New Revised Version තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. Sinhala New Revised Version 2018 තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. Sinhala Revised Old Version තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය. |
මේ අතර ගොඩබිමට ඈතින් වූ ඔරුවට රළ රැළි පහර දෙන්නට වූයේ, සුළඟ ඔවුන්ට එරෙහිව හැමූ බැවිනි.
ඔරුවක නැගී, මුහුද හරහා කපර්ණවුම් බලා යාත්‍රා කළහ. අඳුර ද පැතිරෙමින් තිබිණි. ඒ වන තුරුත් යේසුස්වහන්සේ ඔවුන් වෙතට පැමිණ සිටියේ නැත.
ඔවුහු සැතපුම් තුනක්, හතරක් පමණ ඔරුව පැදවූ පසු, ඔවුන් දුටුවේ යේසුස්වහන්සේ මුහුදු දිය මත ඇවිදිමින් ඔරුවට ළඟා වන අයුරු ය; ඔවුහු ඒ දැක, බය වූහ.