යොහන් 3:29 - සිංහල කාලීන පරිවර්තනය මනාලිය අයිති මනාලයාටයි. මනාලයා ළඟ සිට ඔහුට සවන් දෙන මිත්‍රයාට මනාලයාගේ කටහඬ ඇසීමත් කිව නො හැකි තරම් ප්‍රීතියක්; එහෙයින් මගේ ඒ ප්‍රීතිය දැන් සම්පූර්ණ වී ඇත; Sinhala New Revised Version මනාලිය අයිති මනාලයාට ය, මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා, මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි. Sinhala New Revised Version 2018 මනාලිය අයිති මනාලයාට ය, මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා, මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි. Sinhala Revised Old Version මනමාලී ඇත්තා මනමාලයාය. නුමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බොහෝසෙයින් ප්‍රීතිවෙයි. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණවී තිබේ. |
“එකල ස්වර්ග රාජ්‍යය, තම පහන් රැගෙන, මනාලයා හමුවීමට පිටත්ව ගිය කන්‍යාවන් දස දෙනකුට සමාන ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මංගල පිරිසට, ඔවුන් සමඟ මනාලයා සිටියදී ශෝක විය හැකි ද? මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගනු ලබන දවස් පැමිණෙයි. එවිට ඔවුන් නිරාහාරව සිටිනු ඇත.
ගෙදර ගෙනවුත්, මිතුරන් හා අසල්වාසීන් කැඳවා, ‘මා හා ප්‍රීතිවන්න; මන්ද නැති වූ මගේ බැටළුවා සම්භ වුණා’ යි කියයි.
මේ දේවල් මා ඔබට කීවේ, මගේ ප්‍රීතිය ඔබ තුළ වන පිණිස හා ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.
මේ දක්වා මාගේ නාමයෙන් ඔබ කිසිවක්ම ඉල්ලා නැත. ඉල්ලන්න; එවිට ඔබට ලැබෙන්නේ ය. එසේ ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේ ය.
“මම දැන් ඔබ වෙත එන්නෙමි. එහෙත් මෙලොවේදී මා මේ දෑ පවසන්නේ, මාගේ ප්‍රීතිය ඔවුන් තුළ සම්පූර්ණ වන පිණිසයි.
නො ඉඳුල් කන්‍යාවියක සේ ඔබ එකම පුරුෂයකුට එනම් ක්‍රිස්තුස්වහන්සේට විවාහ කර දීමට මා ගිවිස ඇති බැවින්, ඔබ ගැන දිව්‍යමය ඊර්ෂ්‍යාවකින් මම පෙළෙමි.
ඔබ එකිනෙකා සමඟ එක්සිත්ව, එක පෙමින් යුතුව, එකාවන්ව, එක අරමුණින් කටයුතු කිරීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න.
ඔබට ලියන්නට මට බොහෝ දේ ඇතත්, කඩදාසියෙන් හා තීන්තෙන් දන්වනවාට වඩා, අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස, ඔබ වෙත පැමිණ, ඔබ හා මුහුණට මුහුණ ලා, කතා කරන්නට බලාපොරොත්තු වෙමි.
ඉන්පසු අවසාන වසංගත හතෙන් පිරි පාත්‍ර හත දැරූ දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් මා වෙත අවුත්, “එන්න; බැටළු පැටවාණන්ගේ භාර්යාව වන මනාලිය මම ඔබට පෙන්වන්නෙමි” යි මට කීවේ ය.