ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 3:22 - සිංහල කාලීන පරිවර්තනය

මින් පසුව යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයෝ යූදා ගම් පළාතට ගියහ; උන්වහන්සේ ටික කලක් ඔවුන් සමඟ ගත කරමින්, බව්තීස්ම ද කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණි සේක. එහි උන් වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණි සේක. එහි උන් වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉන්පසු යේසුස්වහන්සේද උන්වහන්සේගේ ගෝලයෝද යූදා දේශයට පැමිණියෝය; එහිදී උන්වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට, බව්තීස්මකළසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 3:22
6 හුවමාරු යොමු  

යුදෙව්වරුන්ගේ පාස්කුව ළං වූයෙන්, යේසුස්වහන්සේ යෙරුසලමට ගිය සේක.


යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් ද මංගල උත්සවයට ඇරියුම් ලැබ තිබුණි.


සාලිම් අසල ඒනොන්හි බෙහෙවින් ජලය තිබූ බැවින් යොහන් ද තමන් වෙත ආ අය බව්තීස්ම කරමින් සිටියේ ය.


ඔවුහු යොහන් අමතමින්, “රබ්බී, යොර්දානෙන් එතෙර ඔබ සමඟ සිටි, අර ඔබ සාක්ෂි දැරූ තැනැත්තාත් දැන් බව්තීස්ම කරයි; දැන් හැමෝම යන්නේ ඔහු වෙත යැ” යි කීවේ ය.


උන්වහන්සේගේ සහෝදරයෝ උන්වහන්සේට කතා කොට, “ඔබ කරන වැඩ ඔබේ ගෝලයින් ද දකින පිණිස, මෙහෙන් නික්ම යුදයට යන්න;