Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:3 - සිංහල කාලීන පරිවර්තනය

3 උන්වහන්සේගේ සහෝදරයෝ උන්වහන්සේට කතා කොට, “ඔබ කරන වැඩ ඔබේ ගෝලයින් ද දකින පිණිස, මෙහෙන් නික්ම යුදයට යන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එබැවින් උන් වහන්සේගේ සහෝදරයෝ කතා කොට, “ඔබ කරන ක්‍රියා ඔබේ ශ්‍රාවකයන් ද දකින පිණිස මෙතැනින් පිටත් ව ජුදයට යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එබැවින් උන් වහන්සේගේ සහෝදරයෝ කතා කොට, “ඔබ කරන ක්‍රියා ඔබේ ශ්‍රාවකයන් ද දකින පිණිස මෙතැනින් පිටත් ව ජුදයට යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඒ නිසා උන්වහන්සේගේ සහෝදරයෝ කථාකොට: නුඹ කරන ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින පිණිස මෙයින් පිටත්ව යුදයට යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:3
17 හුවමාරු යොමු  

උන්වහන්සේ සමූහයා අමතමින් සිටියදී උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, උන්වහන්සේ හා කතා කරන අටියෙන් පිටතට වී සිටියහ.


මන්ද උන්වහන්සේගේ සහෝදරයින් පවා උන්වහන්සේ විශ්වාස කළේ නැත.


එහෙත් පේතෘස් එකොළොස් දෙනා සමඟ නැගිට සිටගෙන, උස් හඬ නගා ඔවුන් අමතමින්, “යුදෙව් මිනිසුනි, යෙරුසලමේ වාසය කරන සියල්ලෙනි, ඔබ මෙය දැන ගන්නවා හොඳයි; මගේ වචනවලට සවන් දෙන්න.


කෙසේ වෙතත් තම සහෝදරයින් මංගල්‍යයට පිටත්ව ගිය පසු, උන්වහන්සේ ද ප්‍රසිද්ධියේ නො ව, රහසින් මෙන් එහි ගිය සේක.


උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් උන්වහන්සේ වෙත ආ නමුදු සමූහයා නිසා උන්වහන්සේට ළං වීමට ඔවුන්ට හැකි වූයේ නැත.


එවිට උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, පිටත සිටිමින්, උන්වහන්සේ කැඳවමින් පණිවුඩ යැවූහ.


උන්වහන්සේගේ පවුලේ අයට එය සැල වූයෙන් ඔවුහු උන්වහන්සේ අල්ලාගෙන ඒමට ගියහ. මන්ද, “ඔහුගේ සිහි විකල් වෙලා” යි ඔවුහු කීහ.


යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් ද මංගල උත්සවයට ඇරියුම් ලැබ තිබුණි.


ඒ ඇසූ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක්, “මේක මහ තද කියමනක්. ඕවා අහන්න පුළුවන් කවුරුන්ට දැ?” යි කීහ.


මේ නිසා උන්වහන්සේගේ ගෝලයින් බොහෝ දෙනෙක් ආපසු හැරී ගියෝ තවදුරටත් උන්වහන්සේ සමඟ ගමන් නො කළහ.


ප්‍රසිද්ධිය සොයන කිසි කෙනෙක් රහසේ කටයුතු කරන්නේ නැහැ. ඔබ මේ දේවල් කරන බැවින් ලෝකයාට ප්‍රකාශ වන්නැ” යි කීහ.


එවිට, “අන්න ඔබේ මෑණියන් හා ඔබේ සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත ඉන්නවා” යි උන්වහන්සේට දන්වන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්