“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ මේ සහෝදරයින්ගෙන් කුඩාම කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.
යොහන් 21:17 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ තුන් වන වරටත්, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ආදරේ දැ?” යි ඔහුගෙන් ඇසූ සේක. උන්වහන්සේ තුන් වන වරටත්, “ඔබ මට ආදරේ කරනවා දැ?” යි ඇසූ බැවින් පේතෘස්ගේ සිත රිදිණි. ඔහු උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ඔබතුමා හැම දෙයක්ම දනී; මා ඔබට ආදරේ කරන වග ඔබතුමා දන්නවා” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මාගේ බැටළුවන් පෝෂ්‍ය කරන්න. Sinhala New Revised Version උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ–ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න. |
“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ මේ සහෝදරයින්ගෙන් කුඩාම කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.
එකෙණෙහිම කුකුළා දෙවන වරට හැඬලී ය. එකල, “කුකුළා දෙවරක් හඬලන්නට පෙර, තුන් වරක්ම ඔබ මා හඳුනන්නේ නැතැ” යි යේසුස්වහන්සේ තමාට කී හැටි සිහි කළ පේතෘස්, දැඩි සංවේගයෙන් වැලපුණේ ය.
යේසුස්වහන්සේ එවිට, “මා උදෙසා ඔබේ ජීවිතය දෙනවා ද? සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇත කියා” යි කී සේක.
මා, මගේ පියාණන්වහන්සේගේ ආඥා පිළිපදිමින්, උන්වහන්සේගේ ප්‍රේමයේ රඳා සිටි අයුරින්, ඔබත් මාගේ ආඥා පිළිපදින්නේ නම්, මගේ ප්‍රේමයේ රඳා සිටිනු ඇත.
ඔබ සියලු දේ දන්නා බවත්, කිසිවකු ඔබෙන් ප්‍රශ්න කරන්නට වුවමනා නැති බවත් දැන් අප දන්නවා. ඔබවහන්සේ දෙවියන්වහන්සේ වෙතින් ආ වග අප විශ්වාස කරන්නේ එබැවිනැ” යි කීවෝ ය.
යේසුස්වහන්සේ එවිට තමන්ට සිදුවන්නට යන සියල්ල දැන ඉදිරියට අවුත්, “කවුරු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තරුණ කාලේ ඔබ ඉඟටිය බැඳ, ඔබ කැමති තැන්හි ඇවිද්දා; එනමුත් මහලු විය පැමිණි කල, ඔබ ඔබේ අත් දිගු කරනු ඇත. එවිට වෙනත් කෙනෙක් ඔබ හඳවා, ඔබ අකමැති තැනකට ඔබ ගෙන යනු ඇතැ” යි කී සේක.
ඉන්පසු ඔවුහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, හැමදෙනාගේ සිත් දන්නා ඔබ, මේ දෙදෙනාගෙන් ඔබ තෝරාගත් තැනැත්තා මෙම සේවයට හා අපට දැක්වුව මැනව.
හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙසම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි.
අපගේ පාරට්ටුව මෙයයි: ලෝකයේදීත්, විශේෂයෙන්ම ඔබ සම්බන්ධවත් අපගේ හැසිරීම, භූමික ප්‍රඥාවෙන් නො ව, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් ලද ශුද්ධකමින් හා දේව භක්තික අවංකත්වයෙන් බවට අපගේ හෘදය සාක්ෂියේ ඇති සහතිකයයි.
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට දුක් නො දෙන්න. ඔබගේ මිදීම සම්පූර්ණ වන දවස දක්වා ඔබ මුද්‍රා තබා ඇත්තේ උන්වහන්සේගෙනි.
මේ කාරණයේදී ඔබ ප්‍රමෝදවත් වන්නේ, අවශ්‍ය වේ නම්, සුළු කලකට නොයෙකුත් පරීක්ෂාවලින් ඔබ ශෝකයට පත් වූවා වුව ද,
ප්‍රේමණීයයනි, දැන් මා ඔබට ලියන්නේ මගේ දෙවන ලිපියයි. සිහිගැන්වීමේ මෙම ලිපි දෙකින්ම මා උත්සාහ කළේ, ඔබ තුළ නිමල සිතිවිලි පුබුදාලීමටයි.
මම ඇගේ දරුවන් මරා දමන්නෙමි. එවිට, මනස හා හදවත විමසන තැනැත්තාණන් මා බැව් සියලු සභාවන් දැන ගන්නවා ඇත. තවද ඔබ එකිනෙකාගේ ක්‍රියා අනුව මම ඔබට ප්‍රතිවිපාක දෙමි.