මේ දේවලට පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් ගම් පෙදෙසට යද්දී, උන්වහන්සේ වෙනත් ස්වරූපයකින් ඔවුන්ට පෙනුණු සේක.
යොහන් 21:14 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, තම ගෝලයනට පෙනුණු තුන් වන අවස්ථාව මෙය ය. Sinhala New Revised Version මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය. Sinhala New Revised Version 2018 මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය. Sinhala Revised Old Version මේ වනාහි යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු ගෝලයන්ට ප්‍රකාශ වූ තුන්වෙනි වතාවය. |
මේ දේවලට පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් ගම් පෙදෙසට යද්දී, උන්වහන්සේ වෙනත් ස්වරූපයකින් ඔවුන්ට පෙනුණු සේක.
පසුව එකොළොස් දෙනා කෑමට හාන්සි වී සිටියදී, උන්වහන්සේ ඔවුන්ට පෙනී, ඔවුන්ගේ විශ්වාසය නැතිකම හා සිත් දැඩිකම ගැන ඔවුන්ට තරවටු කළ සේක. මන්ද උන්වහන්සේ නැගිටුණු පසු, උන්වහන්සේ දුටු අය කී දේ ඔවුන් විශ්වාස කළේ නැති බැවිනි.
සතියේ පළමු දින වූ එදින සවස ගෝලයෝ, යුදෙව්වනට බයින් දොරගුළු ලා ගෙන සිටියදී, යේසුස්වහන්සේ ඔවුන් මැද සිටගෙන, “ඔබට සාමය වේවා!” යි ඔවුන්ට කී සේක.
අට දිනකට පසු ගෝලයෝ නැවතත් ගෙතුළට වී සිටියහ. මෙවර තෝමස් ද ඔවුන් අතර විය. දොරගුළු ලා තිබූ නමුත් යේසුස්වහන්සේ අවුත්, ඔවුන් මැද සිටගෙන, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ සේක.
මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් මුහුද අද්දරදී තම ගෝලයින්ට නැවත පෙනුණු සේක. උන්වහන්සේ පෙනෙන්නට වූයේ මෙලෙස ය.
තම වධ විඳීමෙන් පසු, තමන්ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත්ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක්වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතරතුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක.