ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 14:12 - සිංහල කාලීන පරිවර්තනය

සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මා තුළ විශ්වාස කරන කවුරුන් වුවත්, මා කරන ක්‍රියා කරනු ඇති බවයි; මීටත් වඩා මහත් ක්‍රියා ඔහු කරනු ඇත. මන්ද පියාණන්වහන්සේ වෙත මා යන නිසයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.

පරිච්ඡේදය බලන්න



යොහන් 14:12
28 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබට ඇදහිල්ල ඇත්නම්, සැක නො කරන්නේ නම්, ඔබට කළ හැකි වන්නේ, මේ අත්තික්කා ගහට කළ දේ පමණක් නො වේ. මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ යි කීව ද එය සිදුවනු ඇත.


කොළ සහිත අත්තික්කා ගහක් උන්වහන්සේ දුරදීම දැක, එයින් යමක් හමුවේදැයි බැලීමට ගිය සේක්, ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් දෙයක් උන්වහන්සේ දුටුවේ නැත. මන්ද එය අත්තික්කා වාරය නො වීය.


අදහන්නන් සමඟ පවතින ලකුණු මෙසේ ය; මාගේ නාමයෙන් ඔවුන් යක්ෂාත්මයන් දුරු කරනු ඇත; අලුත් භාෂාවලින් කතා කරනු ඇත.


“ ‘යන්නෙමි; මම ඔබ වෙත යළි එන්නෙමි’ යි මා කියනු ඔබ අසා සිටියා. ඔබ මට ප්‍රේම කළා නම්, පියාණන්වහන්සේ වෙත මා යන නිසා, ඔබ ප්‍රීති වනු ඇත. මන්ද, පියාණන්වහන්සේ මට වඩා උතුම් ය.


එසේ වුවත් මම ඔබට සැබෑව කියන්නම්; මා ඉවත්ව යන්නේ ඔබේම යහපතටයි. මා ඉවත්ව ගියහොත් මිස, සහනදායකයාණන් ඔබ වෙත එන්නේ නැත. එහෙත් මා ගියහොත්, මම උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි.


මෙසේ, ‘කෙනෙක් වපුරන්නේ ය, අන් කෙනෙක් කපන්නේ ය’ යන කියමන සැබෑ වෙයි.


පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක්ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත.


එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “තව ටික කලක් මා ඔබ අතරේ ඉන්නවා. ඉන්පසු මා එවූ තැනැන්වහන්සේ වෙත මා යනවා.


උන්වහන්සේ ඉන් අදහස් කළේ, උන්වහන්සේ තුළ විශ්වාසය තැබූ අය මතු ලබන්නට සිටි ආත්මයාණන් ගැන ය. ඒ වන තෙක් ආත්මයාණන් දෙනු ලැබ තිබුණේ නැත. මන්ද තවමත් යේසුස්වහන්සේ මහිමයට පමුණුවන ලද්දේ නැත.


මන්ද ඔවුන් අන්‍ය භාෂා කතා කරන හැටිත්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනුත් ඔවුන්ට ඇසුණි. එවිට පේතෘස්,


බොහෝ දවසක් ඇය මෙසේ කළ පසු, ඉන් උරණ වූ පාවුල්, තරුණිය දෙස ආපසු හැරී, යක්ෂාත්මය අමතා, “මැය වෙතින් දුරුව යන ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම නුඹට අණ කරමි” යි කීවේ ය. එකෙණෙහිම ඒ යක්ෂාත්මය ඇගෙන් දුරුව ගියේ ය.


පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ.


දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක.


පේතෘස්ගේ වචනය පිළිගත් අය බව්තීස්ම කරනු ලැබූහ. තුන්දහසක් පමණ දෙනෙක් එදින ඔවුන්ට එකතු කරන ලදහ.


“මේ මිනිසුන් ගැන අප කුමක් ද කරන්නේ? මොවුන් අතින් අති විශිෂ්ට හාස්කමක් සිදු වූ වග යෙරුසලමේ වෙසෙන සියල්ලන්ට පැහැදිලියි. එය නැතැයි කියන්නට අපට නුපුළුවන.


යේසුස් ස්වාමින්වහන්සේගේ නැවත නැගිටීම ගැන අපෝස්තුලුවරු මහත් බලයෙන් තම සාක්ෂිය දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි මහත් අනුග්‍රහයක් විය.


එසේ වුව ද, වචනය ඇසූ බොහෝ දෙනෙක් අදහා ගත්හ. ඒ මිනිසුන්ගේ ගණන පන්දහසක් පමණ වූහ.


පේතෘස් යන එන අතරේ, අඩු වශයෙන් ඔහුගේ සෙවණැල්ලවත් යමකු පිට වැටෙන පිණිස ජනයා මං මාවත්වලට රෝගීන් ගෙනවුත්, යහන් හා පැදුරු මත ඔවුන් තැබූහ.


මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයින්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.


මර හඬ නගමින්, අශුද්ධාත්ම ඔවුන් ආවේශ ව සිටි බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. අංසබාග රෝගීහු ද කොරු ද බොහෝ දෙනෙක් සුව කරන ලදහ.


පේතෘස් ඔහු අමතමින්, “අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සුව කරන සේක; නැගිටින්න! ඔබේ පැදුර අකුළා තබන්නැ” යි කීවේ ය. එකෙණෙහිම ඔහු නැගී සිටියේ ය.


එහෙත් ඔවුන් සියලු දෙනා කාමරයෙන් පිට මං කළ පේතෘස්, දණින් හිඳ, යාච්ඤා කළේ ය. ඉන්පසු මළ තැනැත්තිය දෙසට හැරී, “තබීතා නැගිටිනු” යි කී ය. ඕ ඇස් ඇරියා ය. එකල පේතෘස් දුටු ඕ, නැගිට හිඳ ගත්තා ය.


අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි.