Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 16:17 - සිංහල කාලීන පරිවර්තනය

17 අදහන්නන් සමඟ පවතින ලකුණු මෙසේ ය; මාගේ නාමයෙන් ඔවුන් යක්ෂාත්මයන් දුරු කරනු ඇත; අලුත් භාෂාවලින් කතා කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 16:17
17 හුවමාරු යොමු  

තවද යෙරුසලම අවට නගරවල ජනයා, රෝගීවූවන් ද අශුද්ධාත්මවලින් පීඩා විඳින්නවුන් ද ගෙනවුත්, රැස් වී සිටියහ. ඒ සියල්ලෝ සුව කරන ලද්දෝ ය.


දෙවියන්වහන්සේ සභාව තුළ පළමු කොට අපෝස්තුලුවරුන් ද දෙවනුව දිවැසිවරුන් ද තෙවනුව ගුරුවරුන් ද ඊ ළඟට හාස්කම් ද ඊ ළඟට සුව කිරීමේ දීමනා ද උපකාර ද පරිපාලනය හා විවිධ ආකාරයේ භාෂා ද පත් කළ සේක.


තව කෙනකුට හාස්කම් සිදු කිරීම ද තවත් කෙනකුට දිවැස් වැකි කීම ද තවත් කෙනකුට ආත්ම අතරේ විමසීමේ හැකියාව ද තව කෙනකුට විවිධ භාෂා කතා කිරීම ද එසේම තවත් කෙනකුට එම භාෂාවල අර්ථ පහදා දීම ද දී තිබේ.


මර හඬ නගමින්, අශුද්ධාත්ම ඔවුන් ආවේශ ව සිටි බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. අංසබාග රෝගීහු ද කොරු ද බොහෝ දෙනෙක් සුව කරන ලදහ.


ප්‍රීතියෙන් පෙරළා පැමිණි හැත්තෑදෙදෙන, “ස්වාමිනි, ඔබගේ නාමයෙන් යක්ෂාත්ම පවා අපට යටත් වෙනවා” යි කීහ.


මන්ද ඔවුන් අන්‍ය භාෂා කතා කරන හැටිත්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනුත් ඔවුන්ට ඇසුණි. එවිට පේතෘස්,


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මා තුළ විශ්වාස කරන කවුරුන් වුවත්, මා කරන ක්‍රියා කරනු ඇති බවයි; මීටත් වඩා මහත් ක්‍රියා ඔහු කරනු ඇත. මන්ද පියාණන්වහන්සේ වෙත මා යන නිසයි.


ඉන්පසු පාවුල් ඔවුන් පිට අත් තැබූ කල්හි, ශුද්ධාත්මයාණෝ ඔවුන් කරා පහළ වූ සේක. එවිට ඔවුහු අන්‍ය භාෂාවලින් කතා කරන්නටත්, දිවැස් වැකි පවසන්නටත් වන්හ.


මන්ද අන්‍ය භාෂා කථනයෙහි යෙදෙන අය කතා කරන්නේ මිනිසුනට නො ව දෙවියන්වහන්සේට ය. මන්ද ඔහු පවසන දෑ කිසිවකුටත් වැටහෙන්නේ නැත; ඔහු ආත්මයාණන් මඟින් අබිරහස් පවසයි.


සියල්ලෝ සුව කිරීමේ දීමනා ලද්දෝ ද? සියල්ලෝ අන්‍ය භාෂා කතා කරත් ද? සියල්ලෝ අර්ථ පහදත් ද?


මා මිනිසුන්ගේ ද දේව දූතයින්ගේ ද භාෂාවලින් කතා කරන නමුත්, ප්‍රේමය නැතිනම්, මා ඝෝෂාකාරී ඝණ්ඨාරයක් හෝ ශබ්දකාරී කයිතාලමක් වැනි ය.


බොහෝ දවසක් ඇය මෙසේ කළ පසු, ඉන් උරණ වූ පාවුල්, තරුණිය දෙස ආපසු හැරී, යක්ෂාත්මය අමතා, “මැය වෙතින් දුරුව යන ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම නුඹට අණ කරමි” යි කීවේ ය. එකෙණෙහිම ඒ යක්ෂාත්මය ඇගෙන් දුරුව ගියේ ය.


යොහන් කතා කරමින්, “ගුරුතුමනි, කෙනෙක් ඔබගේ නාමයෙන් යක්ෂාත්මයන් දුරු කරනු අප දැක්කා; මන්ද ඔහු අපේ පිරිසේ කෙනෙක් නො වන නිසා අප ඔහු වළක්වන්න හැදුවා” යි කීවේ ය.


දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්