ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 11:28 - සිංහල කාලීන පරිවර්තනය

මෙසේ පැවසූ පසු ඕ ආපසු ගොස්, තම සොහොයුරිය වන මරියා පසෙකට කැඳවා, “ගුරු හිමියන් ඇවිත් ඉන්නවා; එතුමා ඔබට කතා කරනවා” යි රහසින් කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාර්තා මෙසේ පවසා, ගොස්, ඇගේ සොහොයුරිය වූ මරියා කැඳවා, “ගුරුදේවයාණෝ වැඩම කර සිටිති; උන් වහන්සේ ඔබ කැඳවති”යි රහසින් කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාර්තා මෙසේ පවසා, ගොස්, ඇගේ සොහොයුරිය වූ මරියා කැඳවා, “ගුරුදේවයාණෝ වැඩම කර සිටිති; උන් වහන්සේ ඔබ කැඳවති”යි රහසින් කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඈ මෙසේ කියා ගොස් ඇගේ සහෝදරීවූ මරියා රහසින් කැඳවා: ආචාරීන්වහන්සේ ඇවිත් නුඹට අඬගසනසේකැයි කීවාය.

පරිච්ඡේදය බලන්න



යොහන් 11:28
19 හුවමාරු යොමු  

උන්වහන්සේ පිළිතුරු දෙමින්, “නගරයට ඇතුල්ව, අසවලා වෙත ගොස්, ‘මගේ වේලාව ළඟයි; මාගේ ගෝලයින් සමඟ මා පාස්කුව පවත්වන්නේ ඔබේ නිවසේදී ය’ කියා ගුරුතුමා කියනවායි ඔහුට කියන්නැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ නැවතී, “ඔහුට හඬගසන්නැ” යි කී සේක. ඔවුහු අන්ධ මිනිසාට කතා කොට, “ධෛර්යය ගන්න; නැගිටින්න. අන්න එතුමා ඔබට හඬගසනවා” යි කීහ.


ඔහු ඇතුළු වන නිවසේ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි මාගේ ආගන්තුක ශාලාව කොතැනදැයි ගුරුතුමා අසනවා’ යි කියන්න.


ගෙහිමියාට කතා කොට, ‘මාගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි ආගන්තුක ශාලාව කොතැන ද කියා ගුරුතුමා ඔබෙන් අසති’ යි කියන්න.


පළමු කොට අන්දෘ කළේ, තම සහෝදර සීමොන් සොයා ගොස්, “අපට මෙසියස්වහන්සේ හමු වුණා” යි කීම ය. (මෙසියස්වහන්සේ යනු ක්‍රිස්තුස්වහන්සේ ය).


පිලිප්, නතානියෙල් හමු වී, “නීති සංග්‍රහයේ මෝසෙස් හා දිවැසිවරුන් සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය.


දොරටුපාලයා ඔහුට දොර හැර දෙයි. බැටළුවෝ ඔහුගේ කටහඬට සවන් දෙති. ඔහු තමන්ගේ බැටළුවන්ට උන්ගේ නම් කියා හඬගසා, පිටතට උන් මෙහෙයවයි.


යේසුස්වහන්සේ එන වග දැනගත් මාර්තා උන්වහන්සේ හමුවීමට පෙර මඟට ගියා ය. එහෙත් මරියා නිවසෙහිම හිඳ සිටියා ය.


ඒ ඇසූ ඕ, වහා නැගිට, උන්වහන්සේ හමුවට ගියා ය.


ඒ වන තෙක්ම, ගමට ඇතුළු නො වූ යේසුස්වහන්සේ, මාර්තා හමු වූ ස්ථානයේම නැවතී සිටි සේක.


ඔබ මා අමතන්නේ, ‘ගුරුතුමනි, ස්වාමිනි’ කියායි. එය නිවැරදියි; මන්ද මා එහෙමයි.


එවිට යේසුස්වහන්සේ, “මරියා!” යි ඇය ඇමතූ සේක. එදෙස හැරුණු මරියා, “රබ්බෝනි!” යි උන්වහන්සේට කීවා ය. (හෙබ්‍රෙව් බසින් රබ්බෝනි, ගුරුතුමනි යනුයි.)


එවිට යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේතෘස්ට කතා කොට, “ඒ ස්වාමින්වහන්සේ යැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේ වග ඇසූ සීමොන් පේතෘස්, වැඩට ගලවා දමා තිබූ කබාය වහා හැඳ දියට පැන්නේ ය.


එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කරගන්න.


එබැවින් එල්ලා වැටෙන ඔබගේ අත් ඔසවා, පණ නැති දණිස් ශක්තිමත් කරගන්න.