Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 10:49 - සිංහල කාලීන පරිවර්තනය

49 යේසුස්වහන්සේ නැවතී, “ඔහුට හඬගසන්නැ” යි කී සේක. ඔවුහු අන්ධ මිනිසාට කතා කොට, “ධෛර්යය ගන්න; නැගිටින්න. අන්න එතුමා ඔබට හඬගසනවා” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 ජේසුස් වහන්සේ නැවතී, “ඔහුට හඬගසන්නැ”යි වදාළ සේක. ඔව්හු අන්ධයාට හඬගසා, “ධෛර්ය ගන්න, නැඟිටින්න, එතුමාණෝ ඔබ කැඳවන සේකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 ජේසුස් වහන්සේ නැවතී, “ඔහුට හඬගසන්නැ”යි වදාළ සේක. ඔව්හු අන්ධයාට හඬගසා, “ධෛර්ය ගන්න, නැඟිටින්න, එතුමාණෝ ඔබ කැඳවන සේකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

49 යේසුස්වහන්සේ නැවතී සිට: ඔහුට අඬගසන්නැයි කීසේක. ඔව්හු අන්ධයාට අඬගසා: ධෛර්යවත්වෙන්න. නැගිටින්න, උන්වහන්සේ නුඹට අඬගසනසේකැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:49
9 හුවමාරු යොමු  

එකල සයනයක හොවන ලද අංසබාග රෝගියකු කිහිප දෙනෙක් විසින් උන්වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතමින්, “ධෛර්යවත් වන්න; පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.


තම සළුව පසෙකට වීසි කරමින්, පැන නැගුණු ඔහු යේසුස්වහන්සේ ළඟට ආවේ ය.


යේසුස්වහන්සේ නැවතී, ඔහු තමන් වෙත පමුණුවන්නට අණ කළ සේක. ඔහු තමන් අසලට ආ කල, ඔහු ඇමතූ උන්වහන්සේ,


මෙසේ පැවසූ පසු ඕ ආපසු ගොස්, තම සොහොයුරිය වන මරියා පසෙකට කැඳවා, “ගුරු හිමියන් ඇවිත් ඉන්නවා; එතුමා ඔබට කතා කරනවා” යි රහසින් කීවා ය.


මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වාසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින්ම සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිණි.


මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින්ම අප හා සමානව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්