ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 1:41 - සිංහල කාලීන පරිවර්තනය

පළමු කොට අන්දෘ කළේ, තම සහෝදර සීමොන් සොයා ගොස්, “අපට මෙසියස්වහන්සේ හමු වුණා” යි කීම ය. (මෙසියස්වහන්සේ යනු ක්‍රිස්තුස්වහන්සේ ය).

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, “අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.)

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, “අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.)

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු පළමුකොට තමාගේම සහෝදරවූ සීමොන් දැක: අපට මෙසියස්වහන්සේ සම්බවූසේකැයි ඔහුට කීවේය. (මෙසියස් යන්නෙහි අර්ථය ක්‍රිස්තුස්වහන්සේ යනුය.)

පරිච්ඡේදය බලන්න



යොහන් 1:41
21 හුවමාරු යොමු  

එනම්, “මෙන්න, කන්‍යාව ගැබ් ගෙන පුතකු බිහි කරන්නී ය; ඔවුන් එම්මානුවෙල් නමින් උන්වහන්සේ අමතනු ඇත” යන්නයි. (එහි අරුත “දෙවියන්වහන්සේ අප සමඟ ය” යනුයි.)


ළදරුවා දුටු කල ඔවුහු දරුවා ගැන තමනට දන්වන ලද දෑ පතළ කළහ.


ඈ ද ඒ පැයේදීම එහි අවුත්, දෙවියන්වහන්සේට ස්තුති කරන්නටත්, යෙරුසලමේ ගැලවීම අපේක්ෂිත සියල්ලනට දරුවා ගැන පවසන්නටත් වූවා ය.


පිලිප්, නතානියෙල් හමු වී, “නීති සංග්‍රහයේ මෝසෙස් හා දිවැසිවරුන් සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය.


එවිට එම ස්ත්‍රිය, “ක්‍රිස්තුස් කියන මෙසියස්වහන්සේ පැමිණෙන වග මා දන්නවා. උන්වහන්සේ ආ කල, හැම දෙයක්ම අපට පැහැදිලි කර දේවි” යි උන්වහන්සේට කීවා ය.


දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.


ඇත්තෙන්ම ඔබවහන්සේගේ ආලේපය ලද ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට හෙරෝද් හා පොන්තියුස් පිලාත්, අන්‍ය-ජාතීන් හා ඉශ්‍රායෙල් ජනයා සමඟ මේ නගරයේදී එක්රැස් වී ඇත.


අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය.