යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.
යොහන් 1:14 - සිංහල කාලීන පරිවර්තනය වචනයාණෝ මාංසය බවට පත්ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එකම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු. Sinhala New Revised Version ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු. Sinhala New Revised Version 2018 ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු. Sinhala Revised Old Version තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව. |
යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.
ඕ තම කුලුඳුලා වූ පුතකු බිහි කර රෙදිවලින් ඔතා, ගව ඔරුවක තැබුවා ය. මන්ද ආගන්තුක නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ ලැබුණේ නැත.
පේතෘස් හා ඔහු සමඟ වූවෝ තද නිදි බරව සිටියහ. එහෙත් ඔවුහු මුළුමනින්ම පිබිද, උන්වහන්සේගේ තේජස ද උන්වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටුවහ.
මූලාරම්භයේදී වචනයාණෝ සිටි සේක. වචනයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක; වචනයාණෝ දෙවියන්වහන්සේව සිටි සේක;
යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මෙපමණ කලක් මා සමඟ ඉඳලත් තවම මා හඳුනන්නේ නැද්ද පිලිප්? මා දුටු තැනැත්තා පියාණන්වහන්සේ දැක තිබේ. එසේ නම්, ‘අපට පියාණන්වහන්සේ පෙන්වන්නැ’ යි කියන්නේ කෙසේ ද?
අප ඒකත්වයක්ව සිටින්නා සේ ඔවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් මහිමය මා ඔවුන්ට දුන්නේ,
“පියාණෙනි, ඔබ මට දුන් මොවුන් ද මා සිටිනා තැන මා සමඟ සිටිනවාට මම ආශා වෙමි. එසේ වන්නේ ලෝකය අත්තිවාරම් ලීමට පෙර, ඔබ මට ප්‍රේම කළ බැවින්, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන් මොවුන් ද දකින පිණිස ය.
“එහෙනම් ඔබ රජ කෙනෙක්!” යැයි පිලාත් කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා රජ කෙනෙකැයි ඔබම කියයි. මා ඉපදුනේ මේ අරමුණටයි; මා මෙලොවට ආවේත් මේ අරමුණටයි; සත්‍යයට සාක්ෂි දරන්නටයි. සත්‍යයෙන් වූ හැම කෙනෙක්ම මට සවන් දෙන්නේ යැ” යි පැවසූ සේක.
මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්‍රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්‍රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.
මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.
උන්වහන්සේ තුළ අදහා ගන්නා කිසිවකු දඬුවමට නියම කරනු ලබන්නේ නැත. එහෙත් අදහා නො ගන්න කවරකු වුව දැනටමත් දඬුවමට නියමව සිටී; මන්ද ඔහු දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාණන්ගේ නාමය තුළ විශ්වාස නො කළ බැවිනි.
ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංසයැ” යයි ප්‍රකාශ කළ සේක.
යේසුස්වහන්සේ නැගිටුවීම මඟින් උන්වහන්සේ, ඔවුන්ගේ දරුවන් වන අපට ඉෂ්ට කළ වගයි. ඒ ගැන ගීතාවලී දෙවැන්නෙහි ලියා ඇත්තේ, “ ‘ඔබ මාගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි’ යනුවෙනි.
මාංසයේ දුබලතාව මඟින් දහම් නීතියට කළ නො හැකි වූ දේ, දෙවියන්වහන්සේ කළේ, ස්වකීය පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමින් හා පාපය උදෙසා එවා, මාංසයේ පාපය දඬුවමට පත් කිරීමෙනි.
මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.
එහෙත් උන්වහන්සේ, “මාගේ අනුග්‍රහය ඔබට සෑහේ; මන්ද මාගේ බලය සම්පූර්ණ වන්නේ දුබලතාවයේදී යැ” යි කී සේක. එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ බලය මා මත රඳා පවත්නා පිණිස, මගේ දුබලතා ගැන වඩ වඩා ප්‍රමෝදයෙන් පාරට්ටු කර ගනිමි.
එහෙත් කල් පිරුණු කල, දහම් නීතිය යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ,
සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්,
මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රිය මනාපය වූයේ, ස්වකීය දේවත්වය ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණව පැවතීමත්,
අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන්ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.
උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.
මන්ද දෙවියන්වහන්සේ කවර දේව දූතයකුට, කවදා මෙසේ පවසා ඇද්ද? “ඔබ මාගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි.” යළිත්, “මම ඔහුට පියාණන් කෙනකු වන්නෙමි. ඔහු මට පුත්‍රයකු වන්නේ ය.”
එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක: යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක. ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක;
මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එකම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි.
එලෙසම ක්‍රිස්තුස්වහන්සේත් තමා උත්තම පූජකයකු කරනු ලැබීමේ ගෞරවය, තමාටම ගත්තේ නැත. උන්වහන්සේ පත් කරනු ලැබුවේ උන්වහන්සේට මෙසේ කී තැනැන්වහන්සේ ය, “ඔබ මාගේ පුත්‍රයාණන් ය; අද මම ඔබ ජනිත කළෙමි.”
තවද පියාණන්වහන්සේ, ස්වකීය පුත්‍රයාණන් ලෝකයේ ගැලවුම්කරුවාණන් වීමට එවූ වග අපි දුටුවෙමු; ඊට සාක්ෂි දරන්නෙමු.
දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප අතරේ ප්‍රකාශ වූයේ මෙලෙසිනි: එනම් දෙවියන්වහන්සේ ස්වකීය එකම පුත්‍රයාණන් මෙලොවට එවීමෙනි. එසේ කළේ, උන්වහන්සේ මඟින් අප ජීවත් වන පිණිස ය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුතුව පැමිණීම නො පිළිගන්නා රැවටිලිකරුවන් බොහෝ දෙනෙක් ලෝකයට පිටත්ව ගොස් සිටිති. රැවටිලිකරුවා ද ව්‍යාජ-ක්‍රිස්තුස් ද මෙවැනි අය ය.
ලෙයින් පෙඟුණු ලෝගුවක් හඳවනු ලැබ සිටි උන්වහන්සේ හැඳින්වූයේ දෙවියන්වහන්සේගේ වචනය යන නාමයෙනි.
එවිට සිංහාසනය වෙතින් මෙසේ කියන උස් කටහඬක් මට ඇසිණි. “මෙන්න! දෙවියන්වහන්සේගේ වාසස්ථානය මිනිසුන් සමඟයි. උන්වහන්සේ ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුන් උන්වහන්සේගේ ජනයා වනු ඇත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ ලෙස දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිටිනවා ඇත.