“සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යයෙන් යුක්තව පැමිණෙනු දකින තෙක්, මෙහි සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.
මාක් 9:1 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම, මම ඔබට කියමි; දෙවියන්වහන්සේගේ රාජ්‍යය, බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තුරු, දැන් මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක. Sinhala New Revised Version තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලපරාක්‍රම සහිත ව පහළ වූ බව දකින්න පෙර, මෙහි සිටින්නන්ගෙන් ඇතැමෙක් කිසි සේත් මරණයට පත් නොවන්නාහ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලපරාක්‍රම සහිත ව පහළ වූ බව දකින්න පෙර, මෙහි සිටින්නන්ගෙන් ඇතැමෙක් කිසි සේත් මරණයට පත් නොවන්නාහ”යි වදාළ සේක. Sinhala Revised Old Version තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක. |
“සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යයෙන් යුක්තව පැමිණෙනු දකින තෙක්, මෙහි සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.
“එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතුව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත.
“මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසින් යුතුව, සියලු දේව දූතයින් ද සමඟ එන කල, උන්වහන්සේ ස්වකීය තේජාන්විත සිංහාසනයේ අසුන් ගන්නා සේක.
“එකල මනුෂ්‍ය පුත්‍රයාණන් මහත් බලයෙන් හා තේජසින් යුක්තව වලාකුළු තුළ එනු මනුෂ්‍යයින් දකිනු ඇත.
ස්වාමින්වහන්සේගේ මෙසියස්වහන්සේ දකින තුරු ඔහු මරණය දකින්නේ නැති වග, ආත්මයාණන්වහන්සේ ඔහුට හෙළිකර තිබිණි.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තෙක්, මෙතැන් පටන් මා මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක.
ඒ, මාගේ රාජ්‍යයේ මා හා එක මේසයේ ආහාර පාන භුක්ති විඳින පිණිස හා ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින්, මාගේ රාජ්‍යයේ සිංහාසන මත හිඳ ගන්නා පිණිස ය.
“සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු, මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.
ඒ කීම නිසා ඒ ගෝලයා නොමැරෙන්නේ ය යන රාවයක් සහෝදරයන් අතර පතළව ගියේ ය. එහෙත් ඔහු මැරෙන්නේ නැතැයි යේසුස්වහන්සේ කීවේ නැත. කීවේ, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද?” කියා ය.
එහෙත් හැම කෙනකු උදෙසාම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ.