Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 9:2 - සිංහල කාලීන පරිවර්තනය

2 දින හයකට පසු, යේසුස්වහන්සේ පේතෘස්, යාකොබ් හා යොහන් පමණක් වෙන් කොට කැඳවාගෙන උස් කන්දකට ගිය සේක. උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙනගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක් වූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 9:2
23 හුවමාරු යොමු  

පේතෘස්, යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන් හැර අන් කිසිවකුට තමන් සමඟ ඒමට උන්වහන්සේ ඉඩ නො දුන් සේක.


පේතෘස්, යාකොබ් හා යොහන් තමන් සමඟ ගෙන ගිය උන්වහන්සේ, මහත් සේ ශෝක වන්නටත්, කැලඹීමටත් පත් වන්නට වී,


මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. “හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර විය යුතු ය.”


ඉන්පසු ධවල මහා සිංහාසනයක් හා එහි වැඩහුන් තැනැන්වහන්සේ දුටිමි. උන්වහන්සේ ඉදිරියෙන් අහසත්, පොළොවත් පලා ගියේ ය. ඒවාට තැනක් සම්භ නො විණි.


මේ දේවලට පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් ගම් පෙදෙසට යද්දී, උන්වහන්සේ වෙනත් ස්වරූපයකින් ඔවුන්ට පෙනුණු සේක.


උන්වහන්සේ සියලු දේ තම අණසක යටතට ගැනීමට ඇති බලයෙන් මිනිස් අපගේ පහත් සිරුරු උන්වහන්සේගේ මහිමවත් ශරීරයේ සමානත්වයට වෙනස් කරනු ඇත.


තවදුරටත් මේ ලෝකයේ ගති-පිළිවෙලට අනුකූල නො වී, ඔබේ මනස අලුත් කර ගැනීමෙන් වෙනස් ආකාර වන්න. දෙවියන්වහන්සේගේ කැමැත්ත, යහපත්වූත්, ප්‍රිය ප්‍රසන්නවූත්, පරිපූර්ණවූත් කැමැත්ත කුමක්දැයි ඔබටම පරීක්ෂා කර, අනුමත කර ගත හැකි වන්නේ එවිට ය.


වචනයාණෝ මාංසය බවට පත්ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එකම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු.


එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගටම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක.


ඒ ඇසූ කල, යේසුස්වහන්සේ එම පෙදෙස හැර, ඔරුවක නැග, තනිව හුදෙකලා තැනකට ගිය සේක. එහෙත් ජනයා ඒ අසා, නගරවල සිට ගොඩබිමින් උන්වහන්සේ පසුපස ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්