එක් නගරයකදී ඔබට පීඩා කරන කල, වෙනත් එකකට පලා යන්න. මනුෂ්‍ය පුත්‍රයාණන් එන්නට පෙර ඉශ්‍රායෙල් නගර සියල්ලෙහි සැරිසරා නිම කරන්නට ඔබට නො ලැබෙන බව සැබවින් ම මම ඔබට කියමි.
මාක් 3:7 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ එතැනින් නික්ම, තම ගෝලයින් සමඟ මුහුද වෙත පැමිණි සේක. ගලීලයෙන් අති මහත් ජනකායක් උන්වහන්සේ පසුපස ගියහ. Sinhala New Revised Version ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමඟ මුහුදු වෙරළට වැඩිය සේක. ගලීලයෙන් සහ ජුදයෙන් ද Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමඟ මුහුදු වෙරළට වැඩිය සේක. ගලීලයෙන් සහ ජුදයෙන් ද Sinhala Revised Old Version යේසුස්වහන්සේ එයින් අහක්ව තමන් ගෝලයන් සමඟ මුහුද ළඟට ගියසේක. ගලීලයෙන් මහත් සමූහයක්ද උන්වහන්සේ අනුව ගියෝය. යුදයෙන්ද |
එක් නගරයකදී ඔබට පීඩා කරන කල, වෙනත් එකකට පලා යන්න. මනුෂ්‍ය පුත්‍රයාණන් එන්නට පෙර ඉශ්‍රායෙල් නගර සියල්ලෙහි සැරිසරා නිම කරන්නට ඔබට නො ලැබෙන බව සැබවින් ම මම ඔබට කියමි.
යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත්ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසුපස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්,
ගලීලයෙන් ද දෙකපොලිස් වෙතින්, යෙරුසලමෙන්, යුදයෙන් හා යොර්දාන් එගොඩින් ද පැමිණි අති මහත් ජනකායක් උන්වහන්සේ අනුව ගියහ.
මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල දේශනා කරමින් හා යක්ෂාත්මයින් දුරු කරමින් ගලීල දේශය පුරා සැරි සැරූ සේක.
එහෙත් ඔහු පිටත්ව ගොස්, ඒ ගැන පතළ කරමින්, ප්‍රසිද්ධියේ කතා කළේ ය. ඒ හේතුවෙන් යේසුස්වහන්සේට ප්‍රසිද්ධියේ කිසි නගරයකට ඇතුළු වීමට නො හැකි විය. උන්වහන්සේ නගරයෙන් පිටත හුදෙකලා තැන්වල සිටිය ද හැම පැත්තෙන්ම ජනයා උන්වහන්සේ වෙත ආහ.
ඉන්පසු උන්වහන්සේ නිවසට ගිය සේක. සමූහයා යළි රැස්වූයෙන්, ඔවුන්ට අහර ගැනීමට තරම් වත් ඉඩක් නො ලැබිණි.
නැවතත් උන්වහන්සේ මුහුද අද්දරදී උගන්වන්නට වූ සේක. විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන්, උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැග, එහි හිඳගත් අතර, මුළු ජනකායම මුහුද අයිනේ වෙරළේ සිටියහ.
එහෙත් ඔවුහු උදක්ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ.
එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගටම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක.
උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ.
අන් සමහරු, “මේ නම් ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීහ. තවත් අය, “ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් ඒ ද?
“ඔබත් ගලීලයෙක් ද? ලියවිලි කියවා බලන්න. ගලීලයෙන් දිවැසිවරයකු නො එන බව එවිට ඔබටත් වැටහේවි” යි ඔවුහු පිළිතුරු දුන්හ.
රෑ වූ විගස සහෝදරයෝ පාවුල් හා සීලස් බෙරියා වෙත පිටත් කළහ. බෙරියා වෙත පැමිණි ඔවුහු, එහි යුදෙව් සිනගෝගයට ගියහ.
එබැවින් සහෝදරයෝ ඒ විගස පාවුල් මුහුදු වෙරළට පිටත් කර යැවූහ. එහෙත් සීලස් හා තිමෝති බෙරියාහි නතර වූහ.