Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 1:39 - සිංහල කාලීන පරිවර්තනය

39 මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල දේශනා කරමින් හා යක්ෂාත්මයින් දුරු කරමින් ගලීල දේශය පුරා සැරි සැරූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 උන්වහන්සේ දේශනාකරමින්ද යක්ෂයන් දුරුකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඔවුන්ගේ සිනගෝගවලට ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:39
10 හුවමාරු යොමු  

උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.


යේසුස්වහන්සේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද සියලු ආකාර රෝග හා ආබාධ සුව කරමින් ද සියලු නගර හා ගම් පුරා සැරි සැරූ සේක.


ඔවුහු කපර්ණවුම් වෙත ගියහ. එකෙණෙහි සබතේදී උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව ඉගැන්වූ සේක.


ඔවුන්ගේ සිනගෝගයේ සිටි අශුද්ධ ආත්මයක් ආවේශ වූ මිනිසෙක් එකෙණෙහි උස් හඬින් කෑ ගසා,


උන්වහන්සේ ඔවුන් අමතමින්, “අපි අවට ගම්වලට යමු. එහිදීත් මට දේශනා කළ හැකියි. මන්ද මා පිටත්ව පැමිණියේ ඒ සඳහා යැ” යි පැවසූ සේක.


තවත් වතාවක උන්වහන්සේ සිනගෝගයට ගිය කල, අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය.


ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය ගැන උන්වහන්සේ මවිත වූ සේක. ඉන්පසු යේසුස්වහන්සේ ගමින් ගම සැරි සරමින් ඉගැන්වූ සේක.


ඈ පෙරළා නිවසට පැමිණි කල, ඇගේ දියණිය සයනයේ වැතිර සිටිනු දුටුවා ය. යක්ෂාත්මය දුරු වී තිබිණි.


යක්ෂාත්මයෝ ද “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කෑ ගසමින් බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. එහෙත් උන්වහන්සේ උන්ට තරවටු කරමින්, කතා කරන්නට ඉඩ නො දුන් සේක. මන්ද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග උන් දැන සිටි නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්