එවිට මෙන්න! බිහිසුණු භූමිකම්පාවක්. මන්ද ස්වාමින්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, එම ගල ඉවතට පෙරළා ඒ මත හිඳ ගත්තේ ය.
මාක් 15:46 - සිංහල කාලීන පරිවර්තනය යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය. Sinhala New Revised Version ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය. Sinhala New Revised Version 2018 ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය. Sinhala Revised Old Version ඔහු හණ රෙද්දක් මිලේට ගෙන, උන්වහන්සේ බාගෙන ඒ රෙද්දෙහි ඔතා, පර්වතයක කපනලද සොහොන්ගෙයක තබා, එහි දොරකඩට ගලක් පෙරළා තැබුවේය. |
එවිට මෙන්න! බිහිසුණු භූමිකම්පාවක්. මන්ද ස්වාමින්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, එම ගල ඉවතට පෙරළා ඒ මත හිඳ ගත්තේ ය.
උන්වහන්සේ මිය ගිය වග සියයේ හේවා භාර නිලධාරියාගෙන් දැනගත් පිලාත්, යෝසෙප්ට දේහය අනුමත කළේ ය.
පසුව ඔහු දේහය බාවා, සිහින් හණ රෙද්දකින් ඔතා, සොහොනක තැන්පත් කළේ ය. එය ගලක් කැණ, ඒ වන තෙක් කිසිවකුත් තැන්පත් නො කරන ලද එකකි.
යේසුස්වහන්සේ නැවතත් දැඩි සේ සසලව, සොහොන අසලට පැමිණි සේක. එය, ගලකින් එහි පිවිසුම ආවරණ කර තිබූ ලෙනකි.
එවිට ඔවුහු ගල ඉවත් කළහ. යේසුස්වහන්සේ ඇස් ඔසවා බලා, “පියාණෙනි, ඔබවහන්සේ මට සවන් දුන් නිසා මා ඔබට ස්තුති කරනවා.
සතියේ පළමු දින හිමිදිරි උදයේ මද අඳුරේ සොහොන වෙත පැමිණි මග්දලාහි මරියා සොහොන් ලෙනේ ගල ඉවත් කර තිබෙනු දුටුවා ය.