Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 15:47 - සිංහල කාලීන පරිවර්තනය

47 මග්දලාහි මරියා හා යෝසෙස්ගේ මව වූ මරියා උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය දුටුවහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 මග්දලායේ මරියාද යෝසෙස්ගේ මවුවූ මරියාද උන්වහන්සේ තැබූ ස්ථානය දුටුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 15:47
8 හුවමාරු යොමු  

ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයින්ගේ මව ද වූහ.


මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන් ලෙන අබියස හිඳගෙන වුන්හ.


සබතට පසු සතියේ පළමු දින අලුයම මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන බලන්නට ගියහ.


ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ.


යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය.


සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.


ගලීලයේ සිට පැමිණි ස්ත්‍රීහු ද ගොස්, සොහොනත්, උන්වහන්සේගේ දේහය තැන්පත් කළ අයුරුත් දැක බලා ගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්