Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 11:38 - සිංහල කාලීන පරිවර්තනය

38 යේසුස්වහන්සේ නැවතත් දැඩි සේ සසලව, සොහොන අසලට පැමිණි සේක. එය, ගලකින් එහි පිවිසුම ආවරණ කර තිබූ ලෙනකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී, සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී, සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 එවිට යේසුස්වහන්සේ නැවතත් තමන් තුළ සුසුම්ලමින් සොහොන් ගේ ළඟට පැමිණිසේක. ඒක වනාහි ගුහාවක්ය, ඊට ගලක් හේත්තුකර තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 11:38
12 හුවමාරු යොමු  

ඇය හඬනු දුටු, ඇය හා පැමිණි යුදෙව්වන් ද හඬනු දුටු යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැඩිව සසල වී, බෙහෙවින් කැලඹී,


පර්වතයක් කැණ තනා තිබූ ඔහුටම අයත් අලුත් සොහොන් ලෙන තුළ දේහය තැන්පත් කළේ ය. ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා තැබූ ඔහු යන්නට ගියේ ය.


සතියේ පළමු දින හිමිදිරි උදයේ මද අඳුරේ සොහොන වෙත පැමිණි මග්දලාහි මරියා සොහොන් ලෙනේ ගල ඉවත් කර තිබෙනු දුටුවා ය.


ගල ඉවත පෙරළා තිබෙනු දුටහ.


යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය.


උන්වහන්සේ තම ආත්මයෙන් දැඩි සේ සුසුම් ලා, “මේ පරම්පරාව ලකුණක් ඉල්ලා සිටින්නේ මන්ද? සැබවින් ම, මම ඔබට කියමි. මේ පරම්පරාවට ලකුණක් දෙනු නො ලැබේ” යි පැවසූ සේක.


එබැවින් ඔවුහු ගොස්, සොහොන් ගල මුද්‍රා තබා, මුර භටයින් සිටුවා, සොහොන රැකවල් ලූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්