“තව දවස් දෙකකින් පාස්කු උළෙල එන වග ඔබ දනී. මනුෂ්‍ය පුත්‍රයාණන් ද කුරුසිපත් කරනු ලබන්නට පාවා දෙනු ලබන්නේ යැ” යි කී සේක.
මාක් 14:2 - සිංහල කාලීන පරිවර්තනය ඔවුහු උනුන් අමතමින්, “නමුත් උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ. Sinhala New Revised Version “එහෙත්, සෙනඟ අතර කලකෝලාහල ඇති නොවන පිණිස මංගල්‍යයේ දී එය සිදු නොකරමු”යි ඔව්හු කී හ. Sinhala New Revised Version 2018 “එහෙත්, සෙනඟ අතර කලකෝලාහල ඇති නොවන පිණිස මංගල්‍යයේ දී එය සිදු නොකරමු”යි ඔව්හු කී හ. Sinhala Revised Old Version මක්නිසාද: සෙනඟ අතරේ කෝලාහලයක් නොවන පිණිස මංගල්‍යයෙහිදී නොකරමුයයි ඔව්හු කීවෝය. |
“තව දවස් දෙකකින් පාස්කු උළෙල එන වග ඔබ දනී. මනුෂ්‍ය පුත්‍රයාණන් ද කුරුසිපත් කරනු ලබන්නට පාවා දෙනු ලබන්නේ යැ” යි කී සේක.
ඒ ඇසූ නායක පූජකවරු හා දහම් පඬිවරු, උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. මන්ද මුළු පිරිස උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූ බැවින් ඔවුහු උන්වහන්සේට බය වූහ.
‘මිනිසුන්ගෙනි’ යි කීවොත්” (යොහන් සැබවින් ම දිවැසිවරයකු බව මුළු ජනතාව පිළිගෙන තිබූ හෙයින් එසේ කීමට ඔවුහු බිය වූහ.)
පාස්කුවට හා නුමුහුන් රොටි උළෙලට තිබුණේ දවස් දෙකක් පමණි. නායක පූජකවරු හා දහම් පඬිවරු කූට උපායකින් උන්වහන්සේ අල්ලා, මරා දමන්නේ කෙසේදැයි සෙවූහ.
යේසුස්වහන්සේ, කුෂ්ඨ රෝගියා වූ බෙතානියේ සීමොන්ගේ නිවසේ මේසයට වාඩි වී සිටියදී, ස්ත්‍රියක් පවිත්‍ර නාඩ්වලින් සෑදූ ඉතා මිල අධික සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙනැවිත්, එය කඩා, උන්වහන්සේගේ හිසේ වත් කළා ය.
‘මිනිසුන්ගෙනි’ යි කීවොත් මුළු ජනතාව අප මැරෙන තුරු ගල් ගසාවි; මන්ද යොහන් දිවැසිවරයකු බවට ජනතාව ඒත්තු ගෙන ඇතැ” යි කීහ.
එබැවින්, ඔවුනොවුන් ඇමතූ පරිසිවරු, “පේනවද අපට කිසි ජයක් නැති හැටි. බලන්න! මුළු ලෝකයම ඔහු පස්සේ ගිහිල්ලා” යි කීහ.