ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 10:14 - සිංහල කාලීන පරිවර්තනය

ඒ දැක උරණ වූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඒ දැක ඉතා අමනාපවී: ළදරුවන් මා ළඟට එන්ට හරින්න; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.

පරිච්ඡේදය බලන්න



මාක් 10:14
36 හුවමාරු යොමු  

“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වගබලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි.


මේ දරුවා මෙන් තමන්ම යටහත් කවරකු වුව ස්වර්ග රාජ්‍යයේදී වඩාත්ම උත්තමයා වෙයි.


එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ


ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.


“ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.


කෝපයෙන් ඔවුන් හැම සිසාරා බලා, ඔවුන්ගේ සිත් දැඩිකම ගැන සංවේගයට පත් උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු ඒ අත දිගු කළේ ය. එය ප්‍රකෘතිමත් කරනු ලැබ තිබිණි.


එහෙත් හැරී, තම ගෝලයින් දෙස බැලූ උන්වහන්සේ පේතෘස්ට තරවටු කරමින්, “සාතන් මා පස්සට යව! නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි කී සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, නැවත නූපදින කිසි කෙනකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්නට නො හැකි බවයි” කී සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කෙනකු වතුරින් හා ආත්මයාණන්ගෙන් උපන්නොත් මිස, ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නො හැකියි.


මන්ද මේ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, ලොව ඈත කොතැනක සිටියත්, අපගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ තමන්වහන්සේ වෙත කැඳවන සියලු දෙනාටත් යැ” යි පැවසී ය.


ඒ දිවැසිවරුන්ගේ ද ‘ඔබගේ වංශය තුළින් මිහි පිට සියලු ජනයා ආශිර්වාද ලබනු ඇතැ’ යි ආබ්‍රහම්ට පවසමින්, දෙවියන්වහන්සේ ඔබගේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ ඔබයි.


නාඹුල් පල වශයෙන් ඔප්පු කරන පිටි ස්වල්පය පවිත්‍ර නම්, ඇනූ පිටි ගුලියම පවිත්‍ර ය. ගසේ මුල පවිත්‍ර නම් එහි අතුත් පවිත්‍ර ය.


ශුභාරංචියට අදාළව ඔවුන් ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ සතුරන් ය; එහෙත් තෝරාගැනුමට අදාළව ඔවුන්ගේ ආදි පියවරුන් උදෙසා ඔවුන් ප්‍රේමණීයයන් ය.


සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධව බිළිඳුන් වන්න; සිතිවිලිවලින් වැඩිහිටියන් වන්න.


මන්ද ඇදහිලිවතකු නො වූ ස්වාමි පුරුෂයා, ඔහුගේ භාර්යාව නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. ඇදහිලිවන්තියක නො වූ භාර්යාව ඇගේ ස්වාමි පුරුෂයා නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. එසේ නො වී නම් ඔවුන්ගේ දරුවන් අපවිත්‍ර වනු ඇත; එහෙත් ඔවුන් ශුද්ධ ය.


කෝප වූවත් පව් නො කරන්න: ඔබ කෝපයෙන් සිටියදී හිරු බැස යන්නට ඉඩ නො දෙන්න.


ඔබගේ අව්‍යාජ ඇදහිල්ල මට සිහිගැන්වෙයි. පළමුව ඔබේ මිත්තණිය වූ ලොයිස් තුළ ද ඉන්පසු ඔබේ මෑණියන් වූ එවුනිකී තුළ ද විසූ ඒ ඇදහිල්ල, දැන් ඔබ තුළ ද වෙසෙන බැව් මට සහතික ය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහීම තුළින් ගැලවීම සඳහා ඔබ නැණවත් කිරීමෙහි පොහොසත් ශුද්ධ ලියවිලි ළමා අවදියේ පටන්ම දැන උගත් අයුරුත් ඔබ දනී.


සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස,


ඔවුන්ගේ මුවෙහි කිසි මුසාවක් හමු නො වීය. මන්ද ඔවුහු දෝෂයෙන් තොර ය.