Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 10:14 - Sinhala Revised Old Version

14 යේසුස්වහන්සේ ඒ දැක ඉතා අමනාපවී: ළදරුවන් මා ළඟට එන්ට හරින්න; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 ඒ දැක උරණ වූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:14
36 හුවමාරු යොමු  

එහෙත් යේසුස්වහන්සේ කථාකොට: දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න. මක්නිසාද ස්වර්ගරාජ්‍යය මෙබඳුවන්ගේයයි කීසේක.


මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න.


එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය.


ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්,


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.


ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔව්හු නොකැලැල්ව සිටිති.


ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. නුඹ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි.


කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.


සහෝදරයෙනි, නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න.


මක්නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධකරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් නුඹලාගේ දරුවෝ අපවිත්‍රය.


ශුභාරංචිය ගැන නම් ඔව්හු නුඹලා නිසා සතුරෝය. නුමුත් තෝරාගැනීම ගැන නම් ඔව්හු පියවරුන් නිසා ප්‍රේමලද්දෝය.


තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.


නුඹලා අනාගතවක්තෘවරුන්ගේද, නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු වර්ගයෝ ආශීර්වාද ලබන්නෝයයි ආබ්‍රහම්ට කියමින් දෙවියන්වහන්සේ විසින් නුඹලාගේ පියවරුන් සමඟ කළ ගිවිසුමේද පුත්‍රයෝය.


මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා,


නුමුත් උන්වහන්සේ හැරී, තමන් ගෝලයන් දැක, පේතෘස්ට සැරකරමින්: සාතන් මා පස්සට යව. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාවට ගන්නේ නැතැයි කීසේක.


උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.


ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.


අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා, ස්වාමීන්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමුව.


උන්වහන්සේ නුඹේ පියවරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන්ට පසුව ඔවුන්ගේ වංශය තෝරාගෙන, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් නුඹ ඉදිරිපිටින් පන්නාදමා නුඹ ඇතුළට පමුණුවා,


එහෙත් කොල්ලයක් වේයයි නුඹලා කීවාවූ නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු නුඹලා ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය.


නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි.


නුමුත් හන්නා ගියේ නැත; මක්නිසාද: ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනී එහි හැම කල්හිම නැවතී සිටින පිණිස, කිරිවැරුවාම ඔහු ගෙන යන තුරු මම නොයමියි ඈ තමාගේ පුරුෂයාට කීවාය.


ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.


සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.


ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.


මෝසෙස් අණකළ සියල්ලෙන් යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සභාවද ස්ත්‍රීන්ද බාලයන්ද ඔවුන් අතරෙහි හැසුරුණ විදේශීන්ද ඉදිරියේදී නොකියෙවු එකද වචනයක් නොවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්