මතෙව් 8:12 - සිංහල කාලීන පරිවර්තනය අතර, රාජ්‍යයේ පුත්‍රයින් පිටත අන්ධකාරයට හෙළනු ලබන බවයි. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇතැ” යි පැවසූ සේක. Sinhala New Revised Version එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක. Sinhala Revised Old Version එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක. |
“එබැවින් මම ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගෙන් ඉවතට ගෙන, එහි පල උපද්දන වෙනත් ජනතාවකට දෙනු ලබන්නේ ය.
ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, කැබලිවලට කපා, කුහකයින් සමඟ දමනු ඇත, එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇත.
කිසි කමකට නැති මේ දාසයා පිටත අන්ධකාරයට හෙළනු; එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ යැ’ යි කීවේ ය.
“ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද දිවැසිවරුන් හැමදෙනා ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සිටිනුත්, ඔබ ඉන් පිටත දමනු ලැබ සිටිනුත්, ඔබ දකින කල එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ ය.
ඒ දිවැසිවරුන්ගේ ද ‘ඔබගේ වංශය තුළින් මිහි පිට සියලු ජනයා ආශිර්වාද ලබනු ඇතැ’ යි ආබ්‍රහම්ට පවසමින්, දෙවියන්වහන්සේ ඔබගේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ ඔබයි.
ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා දහම් නීතිය දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය.
මොවුන් ජලය නැති උල්පත් ය; කුණාටුවෙන් පලවා හැරෙන මීදුමක් ය. ඔවුන්ට වෙන් කර ඇති තැන ඝන අන්ධකාරයයි.
මන්ද දේව දූතයින් පව් කළ කල්හි දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් දීමෙන් නො වැළකී, විනිශ්චය තෙක් ඔවුන් රඳවා තබන්නට නිරයට යවා, ඝන අන්ධකාර බන්ධනයේ හෙළූ සේක් නම්,
තම නිර්ලජ්ජිත පෙණ නංවන මුහුදේ සැඩ රැළි ය. මංමුළා වූ තාරකා ය. ඝන අන්ධකාරයේ කළුවර සදහට ම ඔවුන්ට වෙන් කර ඇත.
පිටත සිටින්නෝ බල්ලෝ ය. මන්තර ගුරුකම්කරුවෝ ය, ලිංගික අපචාරීහු ය, මිනීමරුවෝ ය, පිළිම රූප වඳින්නෝ ය, මිථ්‍යාවට ආලය වී, ඒ අනුව ක්‍රියා කරන්නෝ ය.