අස්වනු කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමුව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.
මතෙව් 3:12 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය; උන්වහන්සේ තම කමත පවිත්‍ර කරමින්, තම ධාන්‍ය අටුවේ රැස්කර, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි පැවසී ය. Sinhala New Revised Version උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය. Sinhala New Revised Version 2018 උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය. Sinhala Revised Old Version උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය. |
අස්වනු කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමුව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.
මනුෂ්‍ය පුත්‍රයා තම දේව දූතයින් පිටත් කර යැවූ කල, ඔවුන් පවට හේතු වන හැම දේ හා නොපනත්කම් කරන සියල්ලන් උන්වහන්සේගේ රාජ්‍යයෙන් උදුරා,
එකල ධර්මිෂ්ඨයින් ඔවුන්ගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයෙහි හිරු මෙන් බබළනු ඇත. කන් ඇත්තා අසත්වා!
ඔවුන් සියල්ලන් ඇමතූ යොහන්, “මා, ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි; එහෙත් මට වඩා බලගතු කෙනෙක් පැමිණෙයි. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරන සේක.
කමත හොඳ හැටි පවිත්‍ර කරන්නටත්, ධාන්‍ය තම අටුවේ රැස් කරන්නටත්, උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය. එහෙත් උන්වහන්සේ, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි කීවේ ය.
මා තුළ ඇති පල නො දරන හැම අත්තක් ම උන්වහන්සේ කපා හරින සේක්, පල දරන අතු හැම වඩාත් පල දරන පිණිස කප්පාදු කරන සේක.