එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.
මතෙව් 27:63 - සිංහල කාලීන පරිවර්තනය ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත්ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි. Sinhala New Revised Version “ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය. Sinhala New Revised Version 2018 “ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය. Sinhala Revised Old Version ස්වාමිනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී–මම තුන් දවසකට පසු නැගිටින්නෙමියි කී බව අපට මතකය. |
එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.
ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු අතිශයින් සොවින් බරවූහ.
ඉන්පසු සරදම් කරන්නට, කස පහර දී කුරුසිපත් කරන්නට විදේශීන් අතට එතුමාණන් පාවා දෙනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ යළි නැගිටුවනු ලබන සේකැ” යි පැවසූ සේක.
“ ‘දෙවියන්වහන්සේගේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් එය යළි ගොඩ නගන්න මට පුළුවන් ය’ කියා මොහු කීවා” යි ප්‍රකාශ කළහ.
එබැවින් තුන් දවසක් යන තෙක් ඔහුගේ සොහොන රැකවල් ලන්නට අණ කරන්න. නැතහොත් ඔහුගේ ගෝලයින් අවුත්, මිනිය සොරාගෙන ගොස්, ඔහු මළවුන්ගෙන් නැගිටුණායි ජනයාට කියාවි. එවිට මේ අවසන් රැවටිල්ල, ඒ පළමු එකටත් වඩා නරක් වනු ඇතැ” යි කීහ.
උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කලින් කියා ඇති පරිදි උන්වහන්සේ නැගිටුණු සේක. එන්න; උන්වහන්සේ තැන්පත් කළ තැන බලා,
ඔවුන් උන්වහන්සේට සරදම් කොට, කෙළ ගසා, කස පහර දී, මරා දමනු ඇත. තුන් දවසකට පසු උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.
ඉන්පසු උන්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් ද දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත්, මරනු ලබන්නටත්, තුන් දවසකට පසු, නැවත නැගිටින්නටත් යුතුව ඇති වග ඔවුන්ට උගන්වන්නට වන් සේක.
මන්ද උන්වහන්සේ තම ගෝලයින්ට උගන්වමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පවසමින් සිටි බැවිනි.
යේසුස්වහන්සේ දොළොස් දෙනා පසෙකට කැඳවා, “අප දැන් යන්නේ යෙරුසලමටයි; මනුෂ්‍ය පුත්‍රයාණන් ගැන දිවැසිවරුන් විසින් ලියන ලද හැම දෙයක්ම සම්පූර්ණ විය යුතුයි.
ඔවුන් උන්වහන්සේට කස පහර දී, මරා දමනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ නැවත නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.
එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ.
“මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් හා දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නට හා මරා දමනු ලබන්නටත්, තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන්නටත් ඕනෑ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මාලිගය කඩා දමන්න; තුන් දවසකින් මම එය නැවත ගොඩ නගන්නෙමි” යි පැවසූ සේක.
ජනයා අතරේ උන්වහන්සේ පිළිබඳ මහ කසුකුසුවක් හට ගත්තේ ය. “ඔහු සත්පුරුෂයෙකැ” යි සමහරු කී අතර, “නැත, ඔහු ජනයා මුළා කරන්නෙකැ” යි අන් සමහරු කීහ.
ගෞරවය මැද්දේ හා අගෞරවය මැද්දේ ය; අපහාස හා පැසසුම් මැද්දේ ය; සත්‍යවාදී වුවත්, වංචනිකයින් සේ සලකනු ලැබීමෙනි;