Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:61 - සිංහල කාලීන පරිවර්තනය

61 “ ‘දෙවියන්වහන්සේගේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් එය යළි ගොඩ නගන්න මට පුළුවන් ය’ කියා මොහු කීවා” යි ප්‍රකාශ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

61 “ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

61 “ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

61 දේවමාළිගාව කඩාදමා ඒක තුන් දවසකින් ගොඩනගන්ට මට පුළුවනැයි මොහු කීයේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:61
22 හුවමාරු යොමු  

“දේව මාලිගාව කඩා, තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, නුඹම ගලවා ගනින්! නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැස එනු” යි පැවසූහ.


එතැන පසුකර ආ-ගිය අය ඔවුන්ගේ හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “දේව මාලිගාව කඩා තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ,


පාවුල් එසේ කියන තෙක් සමූහයා ඔහු කී දේ අසා සිටියහ. එවිට ඔවුහු උස් හඬින් කෑ ගසමින්, “මොහු පොළොවෙන් සිඳ දමව්! ඔහු ජීවත් වෙන්නට සුදුසු නැතැ” යි ඝෝෂා කරන්නට වන්හ.


“මේ මිනිහා දහම් නීතියට පටහැනි විදියට දෙවියන්වහන්සේට නමස්කාර කරන්නට ජනයා පොලඹවනවා” යි කියමින් චෝදනා කළහ.


එහිදී එපිකූරිය හා ස්තෝයික දාර්ශනිකයින් කණ්ඩායමක් ද ඔහුට මුණ ගැසුණහ. ඔවුන්ගෙන් ඇතමෙක්, “මේ වාචාලයා කියන්නට අර අඳින්නේ මොනවා දැ?” යි පැවසූහ. සෙසු අය අදහස් දක්වමින්, “මොහු විදේශ දෙවිවරුන් ප්‍රචාරය කරන්නකු සේ පෙනේ” යි කීහ. එසේ කීවේ, පාවුල් යේසුස්වහන්සේ ගැන ද මරණින් නැගිටීම ගැන ද දේශනා කළ බැවිනි.


දෙවියන්වහන්සේ මෝස‍ෙස්ට කතා කළ වග අප දන්නවා. එනමුත් මේ මිනිසා කොහෙන් ආවා ද කියලවත් අප දන්නේ නැතැ” යි කීහ.


එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ.


ඉන්පසු ඔහු පිටත දොරකඩ වෙත ගියේ ය. එහිදී වෙනත් සේවිකාවක් ඔහු දැක, “මේ මිනිහා අර නාසරෙත්හි යේසුස් සමඟ සිටියා” යි එහි සිටියවුනට කීවා ය.


එහෙත් පරිසිවරුනට එය සැල වූ කල, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති බෙල්සෙබුල් මඟින් පමණි” යි කීහ.


එවිට උත්තම පූජකයා නැගිට, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය.


දේව මාලිගය තුළට රිදී කාසි වීසි කළ ඔහු එතැනින් ඉවත්ව ගොස් එල්ලී මළේ ය.


“ ‘අත්වලින් තැනූ මේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් මම අතින් නො තැනූ තවෙකක් ගොඩ නගමි’ කියා මොහු කියනවා අපට ඇසුණා” යි කීහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්